කෘෂි කර්මාන්තය හා එහි  අවදානම් කළමනාකරණය

Thilini Gunathilake

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිවෙන අතීතයකට  උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රදාන ආහාරය 'බත්' වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී  ස්ථානයකි . ශ්‍රී  ලංකාවේ  වී වගා කරන ප්‍රධාන කන්න දෙකකි.ඒවා යල සහ මහා කන්න ලෙස නම් කරේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය යල  කන්නය ලෙසත්, ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය මහ කන්නය ලෙසද නම් කරනු ලබයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් වියලි කලාපය ,අතරමැදි කලාපය , තෙත් කලාපය සහ කදුකර කලාපය යන කලාපයන්හි වී ගොවිතැන සිදු කරනු ලබයි. වියලි කලාපයේ වී අස්වැන්න අනෙකුත් කලාප වලට සාපේක්ෂව වැඩි වශයෙන් ලැබේ. එය ඊසාන දිග මෝසම  සක්‍රිය වීමත් සමග ලැබෙන වර්ෂාව නිසා වැඩි කුබුරු ප්‍රමාණයක් වගා කිරීමට හැකි වීම සමග සිදු  වේ. ලංකාවේ වී වගාව හෙක්ටෙයාර 807,763 ක පමණ ප්‍රමාණයක වගා කරන අතර යල කන්නයේදී මිලියන 2.7 ක පමණ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිය.. ලංකාවේ  ගොවි පවුල් 879,000ක් පමණ සහල් නිෂ්පාදනයට දායක වේ. එය ජනගහනයෙන් 20%ක් ද , රැකියා නියුක්තිකයන්ගෙන් 32% ක් පමණද වේ. වී ගොවිතැන මෙන්ම අතිරේක බෝග වගා කිර්රිම අතින්ද ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක සිටි. ශ්‍රී ලංකාවේ වගා කරන බෝග සලකා බලන කල මුළු ප්‍රමාණයෙන් 40% ක් වී වගාවන්ද, 22% ක ප්‍රමාණයක් පලතුරු, එළවලු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග ලෙසද, ඇස්තමේන්තු කර ඇත. එසේම , 38% ක් වැවිලි බෝග (තේ , පොල්, රබර්, උක් සහ පාම් ) වේ. විශේෂයෙන්ම, කව්පි, තල, මෙනේරි, මුං, රටකජු වැනි ධනය වර්ග ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ඉතා බහුල වශයෙන් වග කෙරෙන බෝග වගාවන් වේ. වියලි කලාපයේ වගා කෙරෙන මෙම අතිරේක බෝග සදහා අවශ්‍ය කරන වියලි කාලගුණය එම පරිසරයෙන්    නිරන්තරයෙන් ලැබේ. ශ්‍රී ලංකා කෘෂි කාර්ම අමාත්යංශය මගින් යල කන්නයේ අතිරේක බෝග නිෂ්පාදනය ඉහල දැමීමට දියත් කර ඇති වැඩසටහන යටතේ පහත දැක්වෙන අතිරේක බෝග වර්ග ප්‍රවර්ධනයට උත්සහ දරයි.

  • වියලි මිරිස්
  • රටකජු
  • කව්පි 
  • බඩ ඉරිගු
  • තල
  • සෝයා බෝංචි
  • කුරක්කන් 
  • මුන් 
  • රතු ළුණු 
  • ලොකු ළුණු
  • අර්තාපල් 

 ශ්‍රී ලංකාවේ බහුලව වගා කරන ප්‍රධාන ආහාරය වවන වී වගාව පිලිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන නිසා ඒ සදහා අවශ්‍ය වන ප්‍රධාන භෞතික සාධක පහත දැක්වේ..

ශ්‍රී ලංකාවේ වී වගාවන් සදහා අවශ්‍ය වන භෞතික සාධක. 

  • උෂ්ණත්වය (27 ⁰C පමණ)
  • ප්‍රමාණවත් වර්ශාපතනය /ජල සැපයුම (මි.මි.1500 ට වැඩි )
  • ජලය රදවා තබාගත හැකි හෝ පහසුවෙන් ඉවත් කල හැකි බිම.
  • වැලි ,මැටි, රොන්මඩ ,හ්යුමස් සහිත පස 


එසේම, වී වගාව ශ්‍රී ලංකාවේ ප්‍රදේශ අනුවද කෘෂිකර්මාන්තය වෙනස් වේ.

  • වර්ෂ ජලයෙන් වගා කරන ප්‍රදේශ
  • ජල සම්පාදනයෙන් වගා කරන ප්‍රදේශ





                               

දේශගුණික කලාප (මූලාශ්රය - ජාතික කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව )



කෘෂිකර්මාන්තය හා ඒ ආශ්රිත ආපදාවන් හා ගැටළු

ශ්‍රී ලංකාවේ වී සහ වෙනත් බෝග  වගාකරන ගොවින් විවිධ අවස්තාවලදී විවිධ ගැටළු වලට මුහුණ පායි. ඒවා නම්,

1.දේශගුණික විපර්යාස නිසා වගාවන් හානි වීම.

වියලි කලාප වල යල කන්නය ජල සම්පදනයෙන්ද, මහ කන්නය වර්ෂා පතනයෙන්ද බෝග වගාව සිදු කරයි.වර්ෂාපතන රටා වෙනස් විඉම නිසා ඇතිවන ජලය සිදියාම හෝ අනපේක්ෂිත ජල ගැලීම් නිසා වගාවන්ට හානි වීම සිදු විය හැක.කෘෂි කටයුතු සදහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය නොමැතිකම නිසා ඇතැම් ධාන්‍ය වර්ග වල නිසරු බිජ  බවට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. එසේම, වයුගොලිය ආර්ද්‍රතාවයේ සිදුවන වෙනස්කම් නිසාවෙන් වැසි ජලයෙන් පෝෂණය ලබන බෝග වගාවන් වල අස්වැන්නට දැඩි ලෙස බලපෑ හැකිය. විවිධ ජල පෝෂක ප්‍රදේශ, වැව්, ගඟ ආදිය සිදී යාම නිසා බෝග වගාවන්ට අවශ්‍ය ජලය හිගවී යාමටද හැකිය. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය දෙස බලන කල එවන් සිදිධීන් කිහිපයක්ම වාර්තා වේ. පාරසරික උෂ්ණත්වය වෙනස් වීම නිසා විවිද කෘමි උවදුරු වලටද මෙම බෝග වගාවන් පත් විය හැකි බව නවතම පර්යේෂණ වාර්තා හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ කරන ලද පර්යේෂණයකට අනුව, වර්ෂ 2002 සිට 2012 යන කාල වකවානුව සලකන කල, කෘෂි බූග වගාවන් වල ආර්ථිකමය අලාභ හානි සිදුවී ඇත්තේ අනපේක්ෂිත ජලගැලීම් තත්ත්ව හේතුවෙනි.මෙය වී වගාවන්, අනෙකුත් අතිරේක බෝග ,මුල්‍යමය පරමාර්ථයෙන් වගා කරන බෝග ,එළවලු වර්ග, පලතුරු වර්ග, යන සියලුම භාණ්ඩ වලට අදාලව සිදුකල පර්යේෂණයකි. එසේම, අලාභ හානි බොහෝ සෙයින් දැකගත හැකි වන්නේ මහා කන්නයේදීය.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ කරන ලද පර්යේෂණයකට අනුව, වර්ෂ 2002 සිට 2012 යන කාල වකවානුව සලකන කල, කෘෂි බූග වගාවන් වල ආර්ථිකමය අලාභ හානි සිදුවී ඇත්තේ අනපේක්ෂිත ජලගැලීම් තත්ත්ව හේතුවෙනි.මෙය වී වගාවන්, අනෙකුත් අතිරේක බෝග ,මුල්‍යමය පරමාර්ථයෙන් වගා කරන බෝග ,එළවලු වර්ග, පලතුරු වර්ග, යන සියලුම භාණ්ඩ වලට අදාලව සිදුකල පර්යේෂණයකි. එසේම, අලාභ හානි බොහෝ සෙයින් දැකගත හැකි වන්නේ මහා කන්නයේදීය.

  ඒකාබද්ධ බෝග හා ආහාර සුරක්ෂිත තක්සේරු මෙහෙයුමට අනුව ,2016 සහ එහි මුල් භාගයේ නියං තත්ත්ව නිසා පුළුල් ලෙස බෝග හානි වීම සිදුවිය. විශේෂයෙන්ම මෙය රටේ ප්‍රධාන ආහාරය වන බත් සපයන වී සදහා බලපාන ලදී. 2017 දී මුළු වී නිෂ්පාදනය ටොන් මිලියන 2.7ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එය 2016 වර්ෂයේ නිෂ්පාදනයට වඩා 40% කින්  අඩුවන අතර පෙර වසර 5ක සමන්‍යයට වඩා 35%කින් අඩුය.

2.වගාකල  බිම් ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන අස්වැන්න අවම වීම හා වගා බිම් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වීම. 

ජලය හිග වීම, ජලය අතිරික්ත වීම නිසා වගාවන් යට වීම , කෘමි උවදුරු නිසා වගාවන් විනාශ වීම හෝ වගාවන් අතහැර දැමීමට ගොවින් පෙළබේ. 

3.පස ආශ්‍රිත ගැටළු.

බොහෝ කලක් තිස්සේ රසනයනික පොහොර භාවිතය, දීර්ඝ කාලයක් තිස්සේ එකම බිමක වගා කිරීම යන හේතු නිසා පස පරිහානියට පත් වී වගා කල නොහැකි තත්වයට පැමිණිය හැක.ඉහත කරුණු වලින් පැහැදිලි වන අන්දමට  කෘෂිකර්මාන්තය හා දේශගුණික තත්ත්ව අතර පැහැදිලි හා ගැබුරු සම්බන්දතාවයක් පවතින බව පෙනීයයි. වර්ෂාපතනය හා එහි විහිදියාමේ රටාව ,කෘෂි පද්ධති හා නිෂ්පාදනයට පැහැදිලිවම බලපායි. පසුගිය දශකය දෙස පැහැදිලිව  බැලීමේදී හදුනාගත  හැකි  නියග , අනපේක්ෂිත ජාල ගැලීම් , සුළි කුණාටු, සහ මුහුදු මට්ටම ඉහල යාම ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට බලපාන ප්‍රධාන ස්වභාවික  විපත් ලෙස හදුනා ගත හැක. 2014 වර්ෂයේ නිකුත් කරන ලද IPCC වාර්තාවට අනුව සහල් සහ අනෙකුත් අතිරේක  බෝග (එළවලු, පලතුරු, ධාන්‍ය )  සහ රටක ආහාර සුරක්ෂිතතාවය  දේශගුණ විපර්යාස වල බලපෑමට ලක්විය හැකි බව සදහන් කරයි. මේ නිසා රටේ දල දේශීය නිෂ්පාදනය පහත ආකාරයට උච්චාවචනය වන බව පවසයි. මෙහි පවතින්නේ 1960 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තය දායක වී ඇති ආකාරයයි.


මූලාශ්රය -ලෝක බැංකුව The Global Economy.com


දේශගුණික විපර්යාස වල අවදානම කළමනාකරණය කිරීම යනු කුමක්ද ?

අන්තර්ජාතික දේශගුණික සහ සමාජීය පර්යේෂණ ආයතනය (IRI) ප්‍රකාශ කරන අන්දමට , දේශගුණික විපර්යාස වල අවදානම කළමනාකරණය කිරීම යනු, සංවර්ධන හා සම්පත් කළමනාකරණ ගැටළු වලට දේශගුණික බලපෑම සමග සාර්ථකව කටයුතු කිරීම සදහා දේශගුණික තොරතුරු විද්‍යාත්මක  සන්ධර්භයක් තුල භාවිත කිරීමයි.  මේ සදහා 

  • පූර්ව අනතුරු ඇගවීමේ පද්ධති 
  • මුල්‍යමය  උපයෝගිතා (උදා -කෘෂි රක්ෂණ )
  • ගතික සම්පත් වෙනස් කිරීමේ නීති 
  • යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ ධාරිතා වර්ධනය 
  • බෝග අධික්ෂණය සහ අස්වැන්න පුරෝකථනය 
  • තිරසාර නිෂ්පාදනයන් සදහා ගොවිපල කළමනාකරණය හා එහි භාවිතයන් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගන යාම. 

 යන ක්‍රියාවන් අනුගමනය කරනු ලබයි.


මෙහිදී වඩාත් බහුලව භාවිත වන යෙදවුම් දෙකක් පිළිබදව පහත ආකාරයෙන් දැක්විය හැකිය.


පූර්ව දැනුවත් කිරීමේ පද්ධති සහ කාලගුණය පුරෝකථනය

දේශගුණික අවදානම් කළමනාකරණයේදී (CRM) , අදාල දේශගුණික අවදානම් පිළිබද තීරණය කිරීමේදී කුඩා පරිමාණයේ සිට මධ්‍යම පරිමාණය දක්වා විහිදී යන පූර්ව දැනුම්දීමේ පද්ධති සහ කාලගුණික පුරෝකථන ඉතා විශේෂ ස්ථානයක් උසුලයි. අප දන්නා පරිදි විවිධ අන්තර් හා අතරමැදි කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට විවිධ ආකාරයෙන් බලපෑම් කරන අතර ඒවා පිළිබද විවෘත දැනුම , වඩාත් නිවැරදි හා ඵලදායි තීරණ ගැනීම් සහ අනාවැකි පළකිරීම් සදහා ඉවහල්  වේ. ඉහත දැක්වෙන දෙදවුම් භාවිතයෙන් මෙන්ම, වර්ෂාපතන රටාවේ උච්චාවචනයන්, පරිසර උෂ්ණත්වයේ උච්චාවචනයන් අධීක්ෂණය / වෙලාව සහ සම්භාවිතාවය තක්සේරු කිරීම මගින්ද සති හයක් දක්වා කාල පරිමානයන්ට , ගොවින් හට කාලගුණ අනාවැකි ලබාදීම  උපායශීලි අවදානම් කළමනාකරණය ඇසුරෙන් සිදු කෙරේ. 


මුල්‍යමය උපයෝගිතා 

මුල්‍යමය උපයෝගිතා  යටතේ  බොහෝ දුරට කතාබහට ලක්වන්නේ කෘෂි රක්ෂණයයි . කෘෂි රක්ෂණය යනු, ආන්තික දේශගුණික තත්ත්ව සදහා අඩු අදායම් ලාභී ගොවි ජනතාවට ඒවා සදහා ඔරොත්තු දීමේ හැකියාව ඉහල නැංවීමට හැකි අවදානම් හුවමාරු කිරීමේ මෙවලමකි. එසේම එය බෝග සහ පශු සම්පත්  ආපදා තත්ත්ව වලට භාජනය වූ විට එම ක්ෂේත්‍ර නගාසිටුවීමට මුල්‍යමය වශයෙන් උපකාරී වේ. ශ්‍රී ලංකාවේ පවතින අවදානම් දේශගුණික කලාපවලට ඊවට ඔරොත්තු දීමට මෙය කදිම විසදුමකි. කෙසේ වෙතත්, ප්‍රයෝගිකව බලන කල ශ්‍රී ලංකාව තුල මෙහි ඇති අවම කාර්යක්ෂමතාවය සහ හොද නිෂ්පාදන සැලසුම් කිරීමේ දුර්වලතාවය නිසා මෙහි ඉල්ලුමට සිමා පැනවි ඇත.

ශ්‍රී ලංකාවේ මෙම කෘෂිරක්ෂණය පිළිබදව කතාබහට ලක්වන්නේ 1958 වර්ෂයේ සිටය. එසේම එයට අයිති නෛතික රාමුව 1961 දී කෘෂිරක්ෂණ පනත මගින් ලැබේ. ඒ අනුව 1999දි කෘෂි හා කෘෂිරක්ෂණ මණ්ඩලය පිහිටුවීමත් සමග ශ්‍රී ලංකාව තුල කෘෂි රක්ෂණ සදහා විශේෂ අවදානයක් ලැබේ. එසේම 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුල කෘෂි රක්ෂණ අවස්ථා සපයා දිය හැකි රාජ්‍ය ආයතනය වන ජාතික රක්ෂණ භාර අරමුදල පිහිටුවීමත් සමග පසුකාලීනව විවිධ පෞද්ගලික රක්ෂණ සමාගම්ද මෙමෙ ක්ෂේත්‍රයට අවතීර්ණ වේ.


අවදානම් කළමනාකරණයේදී  දැකිය හැකි අඩුපාඩු සහ ඒවාට ඇති විසදුම්  .  


බොහෝ අවස්ථා වල පෙනීයන අන්දමට මෙම දේශගුණික විපර්යාස නිසා වගාවන්ට ඇතිවන් හානි අවම කර ගැනීමට ගොවීන්ගේ ඇති  දැනුවත්කම අවම වීම වගාවන් පරිහානියට බලපාන ප්‍රධාන සාධකයක් වේ. එසේම කෘෂිකාර්මික පද්ධති වල වැඩි කෘෂිකාර්මික විවිධත්වයක් තෝරා ගන්නා කළමනාකරණ භාවිතයන් මගින් බෝග ස්ථාපිත කිරීම, වාරිමාර්ග, බෝග ආරක්ෂණ , පාංශු සාරවත් බව සහ එහි කලමනාකරණය සහ දේශීය කාලගුණයේ පුරෝකථනයන් පිළිබද අදහසක් ලබාගත හැක. ඇතැම් ප්‍රදේශ වල වගා  කරනු ලබන නියගයට ඔරොත්තු දෙන විවිධ සහල් ප්‍රබේධ වර්ග (BG 352/BG 358/ පොකුරු සම්බා ) මෙම අවදානම් අවම කර ගැනීමට හදුන්වදී ඇති කදිම  පිළියම් වේ.ජාතික කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන නිවැරදි කාලගුණ  අනාවැකි ගොවින් හට බෝග වගාවන් පිලිබදව තිරන ගැනීමට ඉවහල් වනු ඇත. කාලගුණ තොරතුරු සදහා ප්‍රවිෂ්ට වීමට ඇති ඉඩකඩ පුළුල් කිරීම මගින්ද  මෙහි ඇති අඩු පාඩු තැන මග හරවා ගැනීමට හැකිවේ. 

මෙය විවිද රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සහයෝගිතාවය මගින්ද ,සාමාන්‍ය ගොවි ජනතාවට තේරුම් ගතහැකි අයුරින් වර්ධනය කර මුදා හරිම මගින්ද , සපුරාගත හැක.


යෝජනා සහ නිර්දේශ කිරීම්

අවදානම් වලින් බහුතරයක් නිෂ්පාදනයට අහිතකර දේශගුණික තත්ත්වයන් සහ සහජ දේශගුණික විචල්‍යතාවයන් නිසා ඇතිවේ .දේශගුණික අවදානම් හේතුවෙන් බොහෝ විට ලැබෙන දුර්වල අස්වැන්න රටේ දල දේශීය  නිෂ්පාදනයටද බලපායි. දේශගුණික තත්ත්ව නිසා වග විනාශ වීමේ  අවදානම හේතුවෙන් 

වත්කම් ක්ෂය වීම වැනි වෙනත් අවදානම් වලට භාජනය වීම (ආන්තික දේශගුණික සිදුවීම්), මිල අවදානම් (මිල පහත වැටීමේ හෝ ඉහළ නැංවීමේ අවදානම) සහ මූල්‍ය අවදානම ආදිය සිදුවීමේ ප්‍රවනතාවයක්ද දැකිය හැක. මෙවැනි අවස්ථා වලදී පහත සදහන් වන ආකාරයට එම අවස්ථාවන් මග හරවා ගත හැකිය.

  • ග්‍රාමීය ප්‍රදේශවල දේශගුණික අධීක්ෂණය සහ ජාලකරණය කෙරෙහි හදිසි අවධානය යොමු කිරීම
  • ව්‍යාප්ති නිලධාරීන් හරහා ගොවීන්ට අවශ්‍යතා පදනම් කරගත් තොරතුරු සැපයීම
  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දර්ශක පදනම් කරගත් බෝග රක්ෂණය පුළුල් කිරීම
  • දැනුවත්භාවය ඉහළ නැංවීම සහ දේශීය ගොවි ජාලයක් ගොඩනැගීම


යොමුව

  1. De Silva, C.S., Weatherhead, E.K., Knox, J.W. and Rodriguez-Diaz, J.A., 2007. Predicting the impacts of climate change—A case study of paddy irrigation water requirements in Sri Lanka. Agricultural water management, 93(1-2), pp.19-29.
  2. De Silva, C.S., Weatherhead, E.K., Knox, J.W. and Rodriguez-Diaz, J.A., 2007. Predicting the impacts of climate change—A case study of paddy irrigation water requirements in Sri Lanka. Agricultural water management, 93(1-2), pp.19-29.
  3. Esham, M. and Garforth, C., 2013. Agricultural adaptation to climate change: Insights from a farming community in Sri Lanka. Mitigation and Adaptation Strategies for Global Change, 18(5), pp.535-549.
  4. http://www.fao.org/3/i3084e/i3084e06.pdf
  5. http://www.fao.org/resilience/background/early-warning/en/
  6. https://en.wikipedia.org/wiki/Agriculture_in_Sri_Lanka
  7. https://indexinsuranceforum.org/sri-lankas-agricultural-agrarian-insurance-board-aaib
  8. https://link.springer.com/referenceworkentry/10.1007%2F978-3-642-40455-9_120-1
  9. https://www.climatelinks.org/resources/sri-lanka-climate-risk-profile
  10. https://www.lk.undp.org/content/srilanka/en/home/Blog/2017/5/31/Floods-and-Droughts-an-endless-Sri-Lankan-loop-.html
  11. https://www.researchgate.net/publication/317556278_Risk_management_in_agriculture_under_climate_changes
  12. https://www.slideshare.net/cgiarclimate/p-thornton-29132283
  13. Navarathinam, K., Gusyev, M., Hasegawa, A., Magome, J. and Takeuchi, K., 2015, December. Agricultural flood and drought risk reduction by a proposed multi-purpose dam: A case study of the Malwathoya River Basin, Sri Lanka. In Proceedings of the 21st International Congress on Modelling and Simulation (MODSIM 2015), Broadbeach, QLD, Australia (Vol. 29).
  14. Seo, S.N.N., Mendelsohn, R. and Munasinghe, M., 2005. Climate change and agriculture in Sri Lanka: a Ricardian valuation. Environment and development Economics, 10(5), pp.581-596.

Related Articles

Tags

No items found.
About the Author
Thilini Gunathilake

Thilini works as a research assistant at SLYCAN Trust, and works on thematic areas of climate change, mangroves, and agricultural insurance. Her areas of interest include coastal ecosystems and climate change. Thilini has a BSc in Fisheries and Marine Sciences from the Ocean University of Sri Lanka. She has a diploma in Information Technology and E-Commerce from the Esoft Metro Campus. She also completed an 8-week internship in the Marine Biological Resources Division at the National Aquatic Resources Research and Development Agency (NARA). Her experience in fisheries, coastal sciences, ocean sciences, and seafood technology led her to publish her first research paper at the Ocean University of Sri Lanka.