රමේෂ් වැරල්ලගම
දේශගුණික විපර්යාස ආරක්ෂාවට තර්ජනයක් බව එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සලයේදී පසුගියදා ප්රකාශයට පත්වී ඇත.ජර්මන් විදේශ කටයුතු අමාත්ය හෙයිකො මාස් පසුගිය ආරක්ෂක කවුන්සලයේදී මේ බව අවධාරණය කර තිබේ.
ලෝක සාමය සම්බන්ධ ආරක්ෂක කවුන්සල සැසිවාරයට එක්වෙමින් අමාත්ය හෙයිකො මාස් මේ බව පෙන්වා දී ඇත.දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය මෙන්ම භූමිය අහිමිවීම ඔස්සේ මිනිසුන්ට ජීවනෝපායක් නොමැතිවන බවත් එසේ ජීවනෝපායන් අහිමිවීම අන්තවාදී සහ ත්රස්තවාදී කටයුතු ව්යාප්තවීමට හේතුවක් බවත් අමාත්‍ය හෙයිකො මාස් අවධරණය කර තිබේ.
අභ්‍යවකාශගාමී ඇලෙක්සැන්ඩර් ගෙරෙස්ට් අභ්‍යවකාශයේ සිට ගත් යුරෝපයේ පැතිකඩක ඡායාරූපයක් පෙන්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය තහවුරු කර ඇත.
කලින් හරිත වර්ණයෙන් යුතු වනගත ප්‍රදේශ මේ වනවිට කහ පැහැති තණ පිටි බවට පත්ව තිබෙන බවත් කෘෂිකර්මාන්තය සදහා ජලය මෙන්ම භූමිය ඉතා ඉක්මනින් හිගවන බව මේ තුළින් පැහැදිලිවන බවත් අමාත්‍ය හෙයිකො මාස් ප්‍රකාශ කරයි.
මේ පළිබදව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා නිවැරදි දත්ත හා තොරතුර ලබා ගැනීමේ හා බෙදාගැනීමේ වැදගත්කමත් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ වැඩපිළිවෙලකට යොමුවීමේ වැදගත්කමත් මෙම ආරක්ෂක කවුන්සල සැසිවාරය ඔස්සේ අවධාරණය වී ඇත.
Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.