දේශගුණ විපර්යාස බලපෑම හමුවේ සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය ආරක්ෂාකිරීම

SLYCAN Trust

ශ්රි ලංකාවේ දේශගුණ විපර්යාස බලපෑම ආමන්ත්රණය කිරීම උදෙසා ප්රජා පාදක වෙරළ හා සමුද්ර පරිසර පද්ධති ප්රතිස්ථාපනය මැයෙන් ජාතික වැඩමුළුවක් කොළඹ සිනමන්ඩ් ග්රැන්ඩ් හෝටලයේදී පසුගිය (03) වැනිදා පැවැත්විණි. 

මෙම ජාතික වැඩමුළුව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය, ස්ලයිකැන් භාරය (SLYCAN Trust) සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු,පරිසර හා දේශගුණික විපර්යාස අංශයේ සහාය ඇතිව සංවිධානය කර තිබිණි.

පැරිස් ගිවිසුමට අනුව දේශගුණ විපර්යාස පිළිබද එක්සත් ජාතින්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) යටතේ මේ වසරේ මහා බ්‍රිතාන්‍යයේ  පැවැත්වෙන 26 වැනි සම්මේලනයට (COP26) අදාලව  සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය, ජීවනෝපාය සංවර්ධනය, දේශගුණික විපර්යාස බලපෑම ආමන්ත්‍රණය කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ නීතිමය බලාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ දේශගුණික බැඳීම් හඳුනා ගැනීම සඳහා මෙම ජාතික වැඩමුළුව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

වෙරළබඩ පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාස, පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය, ජීවනෝපාය සංවර්ධනය සහ සමුද්‍ර දූෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, චක්‍රීය ආර්ථිකය සහ නීතිමය බලාත්මක කිරීම් සම්බන්ධයෙන් ප්‍රධාන සැසි තුනක් යටතේ ඒ ඒ විෂය ක්ෂේත්‍රයට අදාල විශේෂඥයන් රැසක් මේ සදහා සහභාගි වී සිටියහ.

දේශගුණික විපර්යාස බලපෑම හේතුවෙන් සාගරයේ මෙන්ම වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිවලට ගෝලීය හා දේශීය වශයෙන් සිදුව තිබෙන බලපෑම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු,පරිසර හා දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති දිසනායක මහත්මිය කරුණු පැහැදිලි කළාය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නීල ප්‍රතිපත්තිය (Blue Charter) යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපායන් සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක් ලබා සිටීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන ප්‍රාදේශිය හා ජාතික මට්ටමේ ක්‍රියාකාරකම්වලට අදාල ජාත්‍යන්තර බැදීම පිළිබදව ඇය විශේලේෂණයක යෙදුනාය.

" ශ්‍රී ලංකාව 2019 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රතිපත්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබද පළමු ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම පැවැත්වූ අතර ඉදිරියේදී තවත් බොහෝ දේ කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා "යැයි හසන්ති දිසනායක මහත්මිය කීවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර කමිටුව (IPCC) 1.5C වාර්තාවට අනුව කඩොලාන, කොරල් පර, මුහුදු පැලෑටි සහ අනෙකුත් වෙරළ සහ සාගර පරිසර පද්ධති දේශගුණික විපර්යාස බලපෑමට ගොදුරු විය හැකි වඩාත් අවදානම් දෑ ලෙස හදුනාගෙන තිබේ. 

කොඩොලාන යනු දේශගුණ විපර්යාස බලපෑමට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රධාන පරිසර පද්ධතියකි. ඒ අනුව කඩොලාන හා අනෙකුත් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම දේශගුණික අවදානම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන අතර එය වෙරළබඩ ප්‍රජාවට ඉතා වැදගත් වේ.

“දැනට ශ්‍රී ලංකාවේ කඩොලාන හෙක්ටයාර් 19500 ක් පමණ තිබෙනවා.2030 වන විට තවත් හෙක්ටයාර් 10000 ක් ප්‍රතිස්ථාපනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සියලු කැපකිරීම් කරමින් සිටිනවා යැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් පරිසර හා වනජීවී අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකොන් මහත්මිය “ශ්‍රී ලංකාවේ කඩොලාන වර්ග රාශියක් දැකිය හැකියි ඉන් කඩොලාන විශේෂ බොහොමයක් කාර්මික හා නාගරික සංවර්ධන අරමුණු, සංචාරක නිකේතන, මාර්ග සහ ජනාවාස, ජලජීවී වගා පොකුණු සහ ධීවර වරාය සංවර්ධනය කිරීම සහ සැලසුමක් ඇතිව පිරිසිදු නොකිරීම නිසා තර්ජනයට මුහුණ පා තිබෙනවා යැයි පෙන්වා දුන්නාය.

කෘෂිකර්මාන්තයෙන් හා කාබනික සංයෝගවලින් කාබනික නොවන අයන ඉහළ යාම මෙන්ම පිරිසිදු නොකළ අපද්‍රව්‍ය කඩොලාන පරිසර පද්ධතිවලට බැහැර කිරීම හේතුවෙන් කඩොලාන පෝෂක කලාප වේගවත් දුෂණයකට ලක්ව තිබේ.

කඩොලාන සංරක්ෂණය හා ප්‍රප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා‌වේ ධනාත්මක ප්‍රතිපත්ති මෙන්ම එවා ක්‍රියාත්මක කිරීම ඔස්සේ ගත් ජයග්‍රහණ රාශියක් ඇති අතර අදාල සැලසුම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට දැන් කාලය පැමිණ ඇත.

වෙරළබඩ හා සමුද්‍ර පරිසර පද්ධති සම්බන්ධවත් අපද්‍රව්‍ය කළමනාකරණය හා සමුද්‍ර දූෂණය පිළිබදවත් අදහස් දැක්වු  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා “සාගර හා වෙරළ අපද්‍රව්‍ය වලින් 90% ක්ම ජනනය කරනු ලබන්නේ රට අභ්‍යන්තරයෙන් බව පෙන්වා දුන්නේය.

වෙරළ පිරිසිදු කිරීම මේ සඳහා ප්‍රමාණවත් එකම විසඳුම නොවන අතර සාගර ජලය ආරක්ෂා කර ගැනීමට නම් අදාල අපද්‍රව්‍ය බිහිවීම වැළැක්වීම, අපද්‍රව්‍ය තුළින්ම ඒවා පිරිසිදු කිරීම අවශ්‍ය බව හෙතම අවධාරණය කළේය. ශ්‍රි ලංකාව වැනි රටක් අන්තර් පුද්ගල වගකීම් අනුගමනය කිරීම වැදගත්. වෙරළ පිරිසිදුව තබා ගැනීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අප්‍රද්‍රව්‍ය කළමනාකරණය මුල් කරගනිමින් ප්‍රජාව ඉලක්ක කරගත් වෙරළ භාරකරුවන් හදුන්වාදීමේ වැඩපිළිවෙලකට මුලපුරා ඇතැයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය. .

පුද්ගලික අංශය නියෝජනය කරමින් මිට්සුබිෂි ශ්‍රි ලංකා ආයතනයේ  ජ්‍යෙෂ්ඨ කළමනාකරු මයිකල් ජයවර්ධන මහතා ආයතනික සමාජ වගකීම්වල වැදගත්කම අවධාරණය කළේය. “පුද්ගලික අංශයේ සමාගම් වශයෙන් අප පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය හා ජීවනෝපාය සංවර්ධනය සඳහා සම්බන්ධ විය යුතුයැයි හෙතම කීවේය.

“ ශ්‍රි ලංකාව දේශගුණ විපර්යාස බලපෑමේ ඉහළ අවදානමකට මුහුණ පා සිටිනවා. රට වටකර තිබෙන වෙරළ තීරය හා සමුද්‍රීය පරිසරය මුහුදු ජල මට්ටම ඉහළ යෑම, සාගර ආම්ලීකරණයටත්,අභ්‍යන්තරය ගංවතුර, සුළි සුළං නියගය ආදියටත් මුහුණ පා තිබෙනවා යැයි ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොෂිතා විජේනායක මහත්මිය පැහැදිලි කළාය.

“කඩොලාන සහ අනෙකුත් වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධති ස්වාභාවික විපත් වලින් සහ වෙරළ ඛාදනයෙන් අපව ආරක්ෂා කරනවා. 2020 වසරේ දේශගුණික විපර්යාස බලපෑම පිළිබඳ බැඳීම් අප සමාලෝචනය කිරීමේදී වෙරළ සහ සමුද්‍රීය පරිසර පද්ධතිවලට අනුහුරුවීම සහ බලපෑම් අවම කිරීමේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයැයි ඇය පෙන්වා දුන්නාය.

මෙම වැඩමුළුවට  ජාතික හා පළාත් පාලන නියෝජිතයින්, තාක්ෂණික දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව, සිවිල් සමාජ සංවිධාන, පර්යේෂකයින්, මාධ්‍ය සහ පෞද්ගලික අංශය ඇතුළු සියලු අංශවල පාර්ශවකරුවන් එක්ව සිටියහ.

දේශගුණික විපර්යාස, සත්ව සුභසාධනය මෙන්ම සමාජ ආර්ථික ගැටලු සඳහා පිළියම් සෙවීම ඇතුළු දේශීය හා ගෝලීය ප්‍රයත්නයන් සඳහා ස්ලයිකන් භාරය නිරත්තරයෙන් දායක වෙමින් සිටියි.

ප්‍රතිපත්ති සකස්කිරීමේ උපදෙස් ලබාදීම, ක්‍රියාකාරකම්වලට අදාල සැලසුම් සැකසීම,බිම් මට්ටමේ ක්‍රියාකාරකම් සහ දැනුවත්භාවය ඇතිකරමින් සංවිධාන සමග ජාලගත සම්බන්ධතා ඇති කිරීම හා  ධාරිතා සංවර්ධනය ස්ලයිකැන් භාරය සාක්ෂාත් කරගත් අරමුණු අතරවෙයි.


වැඩි විස්තර සඳහා කරුණාකර info@slycantrust.org අමතන්න.


Related Articles

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.