දේශගුණ විපර්යාස පිළිබඳව සමාජයේ පවතින අඩු දැනුම ඌණ පුර්ණය කිරීම සදහා ඉලක්කගත ධාරිතා සංවර්ධනයක් කළ යුතුව ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා පැවැසීය.
දේශගුණ විපර්යාස බලපෑම් සදහා අනුහුරු වීමේ ජාතික සැලැස්මට අදාලව තුන්වැනි ජාතික සන්නිවේදන හවුලේ පළාත් මට්ටමේ දෙවැනි වැඩමුළු මාලාවේ ආරම්භක වැඩමුළුව සබරගමුව පළාත කේන්ද්ර කර ගනිමින් පසුගිය 22 දා රත්නපුර සමෘද්ධි ශාලාවේ පැවැත්විණි.
සබරගමුව පළාතේ ප්රධාන ලේකම්තුමිය වන ඩී.එම් මාලනි මහත්මිය ඇතුළු රත්නපුර හා කෑගල්ල දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
‘දේශගුණ විපර්යාස බලපෑමට අනුහුරුවීමේ ජාතික සැලසුමක් තිබෙනවා. නමුත් පළාත් මට්ටමෙනුත් එම වැඩපිළිවෙලේ අවශ්‍යතාව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සබරගමුව පළාතටත් දේශගුණ විපර්යාස බලපෑමට අනුහුරුවීමේ වැඩපිලිවෙලක් සකස් කර ගැනීම මෙම වැඩමුළුවේ අරමුණක්’ යැයි ආචාර්ය සුනිමල් ජයතුංග මහතා පෙන්වා දුන්නේය.
මේ සදහා සබරගමු පළාතට දේශගුණ විපර්යාස පිළිබද දත්ත ගබඩාවක් සකස්කර ගැනීමට අවශ්‍ය අතර ඒ සදහා හදුනාගත් දත්ත අවශ්‍ය වන බව පෙන්වා දුන් ආචාර්ය සුනිමල් ජයතුංග මහතා, හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් ගෝලීය දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීමට දායක වීම සඳහා ඒ පිළිබද දැනුම ධාරිතා සංවර්ධනයක් කළ යුත්තේ කාටද, කොතැනටද, මොනයම් ආකාරයටද යන්න පිළිබදව මෙවැනි වැඩමුළු ඔස්සේ හදුනාගත හැකි බව අවධාරණය කළේය.
‘ඌණ සංවර්ධිත රටවල ජාතික අනුහුරුවීමේ සැළසුම් සදහා සංවර්ධිත රටවල් උදව් කළ යුතුයි කියලා පිළිගත්තෙ 2010දියි. ඒ අනුව දේශගුණ විපර්යාස බලපෑම පිළිබදව 2016 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රි ලංකාවේ අනුහුරුවීමේ ජාතික සැලැස්ම හැදුවා.ජාතික අනුහුරුවීමේ සැලැස්ම ඉදිරියට ගෙනයාමේදී අපට බලපාන ආපදා පිළිබදව අවබෝධයෙන් ඊට අනුහුරුවීමේ සැලැස්ම නිසියාකාරව සකසා ගත හැකියි. පළාතෙන් පළාතට අනුහුරුවීමේ සැලැස්ම තවත් වැදගත්. දත්තමත පදනම් වෙමින් ඒ ඒ පළාතට අදාල අනුහුරුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි.එවිට ඒ සදහා විදේශධාර වුවද ලබා ගැනීමේ හැකියාව ඇතැ’යි දේශගුණ විපර්යාස කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා දක්ෂිණී පෙරේරා මහත්මිය පැවසුවා ය .
දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයේ පරිසර කළමනාකරණ නිලධාරිනි අම්බිකා තෙන්නකෝන් මිය සබරගමුව පළාත් අනුහුරුවීමේ වැඩසටහන සැලසුම්විය යුතු ආකාරයත්, තාක්ෂණික සම්බන්ධීකාරක සුසන්ත උඩගෙදර මහතා අදාළ දත්ත එක්රැස්කිරිමේ තාක්ෂණික ක්‍රියාවලිය පිළිබදවත් පැහැදිලි කළහ.
‘ජාතික සන්නිවේදන ක්‍රමෝපායක් සකස්කිරීමේ කටයුත්ත කෙටි හා දිගු කාලින වශයෙන් වර්ග කර තිබෙනවා. ඒ කටයුත්ත දැනටමත් අප ඉදිරියට ගෙනයමින් තිබෙන්නෙ. විශේෂයෙන් දේශගුණ විපර්යාස පිළිබදව තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍ය මගින් සාක්ෂි මත පිහිටා වාර්තාකරණය සිදුවන්නෙ නැහැ.බොහෝවෙලාවට සිදුවන්නේ ආපදා තත්ත්වයකින් පසු ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තක් පමණයි. ඒ නිසා මාධ්‍යවේදීන්ද දැනුවත්වන පරිදි ආයතනික ක්‍රමෝපායක් ක්‍රියාත්මක වීම වැදගත්. දේශගුණික විපර්යාසවලට අනුහුරුවීමට අදාල සාක්ෂිමත පදනම් වු වාර්තාකරණයක් නොමැතිවීම පොදු අඩුපාඩුවක්. දත්ත හා ප්‍රතිපත්ති හරහා දේශගුණ විපර්යාස බලපෑම සන්නිවේදනය විය යුතුයි. ඒ නිසා මාධ්‍යවේදින්ගේ ධාරිතාව වර්ධනය කළ යුතුයි. එපමණක් නොවේ ප්‍රතිපත්ති සම්පාදකයන්, වගකිව යුතු නිලධාරින් සහ මාධ්‍යවේදින් අතර සම්බන්ධයක් නොමැතිවීමත් සන්නිවේදන ගැටලු ඇතිකර තිබෙනවා. ඒ නිසා සාකෂිමත පිහිටා ප්‍රතිපත්ති සකස්කීරීමේ අවශ්‍යතාව තදින් දැනෙන්නට තිබෙනවා’ යැයි ස්ලයිකැන් භාරය වෙනුවෙන් නීතිඥ භාග්‍යා වික්‍රමසිංහ මිය පැවසුවාය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩපිළිවෙල, ආසියා ෆැසිපික් ජාලය, තුන්වැනි ජාතික සන්නිවේද හවුල මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.