දේශගුණික ක්රියාකාරකම් හා තිරසර නිෂ්පාදනය සහ පරිභෝජනය ඔස්සේ ශ්රි ලංකාවේ පශු සම්පත් ක්ෂේත්රයට අදාල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ සංවාද වැඩමුළුව

SLYCAN Trust

ජාත්‍යන්තර මානුෂීය සංවිධානය (HSI) සමග එක්ව ස්ලයිකැන් භාරය (SLYCAN Trust) සංවිධානය කළ දේශගුණික ක්‍රියාකාරකම් හා තිරසර නිෂ්පාදනය සහ පරිභෝජනය ඔස්සේ ශ්‍රි ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ සංවාද වැඩමුළුවක් කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියද 24 වැනිදා පැවැත්විණි.

 

මෙම වැඩමුළුව සදහා විෂයානුබද්ධ අමාත්‍යංශ, පළාත් පාලන ආයතන, දෙපාර්තමේන්තු,රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවකරුවන් රැසක් එක්ව සිටියහ.

 

ශ්‍රි ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයට අදාලව දැනට ක්‍රියාත්මක පර්යේෂණයකට අදාලව පශු සම්පත් කේෂත්‍රයේ ප්‍රතිපත්ති, සැලසුම් විශ්ලේෂණය කිරීම,දේශගුණික විපර්යාස බලපෑම, තිරසර සංවර්ධන ඉලක්ක සහ තිරසර නිෂ්පාදනය හා  පරිභෝජනයට අදාල සහ සම්බන්ධතා පිළිබදව මෙම වැඩමුළුවේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබිණි.

 

දේශගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑමට අනුහුරුවීම සදහා ගිවිසගෙන තිබෙන පැරිස් සම්මුතියට අනුරූපීව ශ්‍රි ලංකාව පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළත් කර තිබේ.

 

2030 දක්වා හදුනාගෙන තිබෙන එක්සත් ජාතීන්ගේ  ගෝලීය තිරසර ඉලක්කයන්ගෙන් (SDGs) තිරසර පරිභෝජනය සහ නිෂ්පාදන ක්ෂේත්‍රය ආර්ථික අංශය සහ සංවර්ධනයට අදාල ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. විවිධ දේශගුණික බලපෑම් හේතුවෙන් පශු සම්පත් ක්ෂේත්‍රයට අලාභ හානි සිදුවෙයි.

 

උෂ්ණත්වය ඉහළ යාම, ගංවතුර හා නියඟය මෙම ක්ෂේත්‍රයේ නිරත ප්‍රජාවට සහ ගොවිපල සතුන්ට අහිතකර ලෙස බලපායි.

ජාතික නිර්නිත දායකත්වය (NDC) යටතේ ශ්‍රි ලංකාව දේශගුණ විපර්යාස බලපෑමට අදාල විසදුම් ක්‍රියාත්මක කිරීමේ දායකත්වය සපයමින් සිටියි.

ජාතික නිර්නිත දායකත්වය යටතේ එන අනුහුරුවීමේ සැලැස්මට ආහාර සුරක්ෂිතතාව යටතේ මෙම පශු සම්පත් ක්ෂේත්‍රය  ඇතුළත් කර තිබේ.

 

ශ්‍රි ලංකාව දැනට ජාතික නිර්නිත දායකත්වය සමාලෝචනය කරමින් සිටින නිසා පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල දේශගුණික සහ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාකාරකම් පිළිබදව තිරසර නිෂ්පාදනය හා  පරිභෝජනය සහ සම්බන්ධවන පරිදි අවධානය යොමු කිරීමට මෙම වැඩමුළුව කදිම අවස්ථාවක් වනු ඇතැයි ජාත්‍යන්තර මානුෂීය සංවිධානයේ මෙරට ප්‍රධානී, ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පෙන්වා දුන්නාය.

තිරසර සංවර්ධන ඉලක්ක සාමාජීය, ආර්ථික හා පාරසරික තත්ත්වයන්ට සමතුලිත වුවකි. 1970 දි තිරසර සංවර්ධනය අවශ්‍යතාව හදුන්වා දුන් දා පටන් මෙම ක්ෂේත්‍ර තනිව ගෙන විමසා බලා නැත. නමුත් සෑම අංශයකටම අදාලවන පොදු කාරණා රැසක් තිබේ. ජනතාව,පැලෑටි,සාමය,හවුල්කාරීත්වය,සමෘද්ධිය ඒ අතර කැපී පෙනෙනවා යැයි තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුගත් යාලෙගම මහතා පැහැදිලි කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක සහ පශු සම්පත් වලට අදාළ ඔවුන්ගේ ඉලක්කයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් හෙතම ආර්ථිකය හා තිරසාර සංවර්ධනය අතර වෙනස පැහැදිලි කළේය. 

ආර්ථිකය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන්ද තිරසර සංවර්ධනය තිරසාර බව අනුව මනින බවත් ආචාර්ය සුගත් යාලෙගම මහතා පෙන්වා දුන්නේය. පශු සම්පත් ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය අංශ තුනකට සම්බන්ධයි. පරිසරය, සමාජ තත්වයන් සහ ආර්ථිකය ඊට අයත්වේ. තිරසර සංවර්ධන ඉලක්ක, සංවර්ධනය සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයද අන්තර්ගත පරිපූර්ණ ප්‍රවේශයකි.

දේශගුණය හා පරිසරය කිරි නිෂ්පාදනයට කරන බලපෑම සම්බන්ධව පශු සම්පත් සංවර්ධන හා ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය සෑම් ඩැනියෙල් මහතා මෙහිදී අදහස් පළ කළේය.

ගොවිපල කියන්නෙ ව්‍යාපාරයක්.ඊට ලාභාංශ අත්‍යවශ්‍යයයි. නමුත් අපි ඊට තිරසර ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. සත්ත්තුන්ගේ සුබ සාධනය මෙන්ම උසස් ගුණත්මකභාවයෙන් යුතු,ආරක්ෂිත, සාදාචාර සම්පන්න මෙන්ම ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් සමාජීය අවශ්‍යතාවක්  වීතිබෙනවා.

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයට බලපාන සෘජු හා වක්‍ර දේශගුණික විපර්යාස බලපෑම් සම්බන්ධයෙන්ද දැනුවත් කිරීම වැදගත්. ඒ යටතේ සත්ත්ව ක්‍රියාකාරිත්වය, අධික උෂ්ණත්වය නිසා ඇතිවන ආතතිය,රෝගාබාධ, ඉඩම් ගංවතුරට හසුවීම ආදිය වගේම, ආහාරයට දෙනු ලබන තණ හා  භෝග, ඒවායේ  වර්ධනය කාල වෙනස්වීම ආදිය ගැනත් විමසිලිමත්වීම හා දැනුවත්වීම වැදගත්වෙනවා යැයි ඩැනියල් මහතා පෙන්වා දුන්නේය.

පශු සම්පත් ක්ෂේත්‍රය ශ්‍රි ලංකාවේ වනාන්තර විනාශයට හේතුවක් වී ඇති බව මෙම අවස්ථාවට එක්වී අදහස් පල කළ ස්ලයිකැන් භාරයේ පරිසර පද්ධති හා සංරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ හා හිටපු වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ මහතා පැවැසීය.

වනාන්තර විනාශයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ පශු සම්පත් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ රෙඩ් වැඩසටහනේ (UN-REDD ) ක්‍රියාකාරකම් අතරතුරදී හඳුනාගෙන තිබෙනවා.  පශු සම්පත් ක්ෂේත්‍රය තනිව නොව අනෙකුත් අංශ සහ  සම්පත් සමඟ සම්බන්ධ වී ඇති බව මෙමගින් පෙන්නුම් කරනවා යැයි හෙතම කීවේය.

මෙම වැඩමුළුව මගින් ස්ලයිකාන් භාරය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන අඛණ්ඩ පර්යේෂණයේ මූලික සොයාගැනීම් ඉදිරිපත් කෙරිණි. පශු සම්පත් අංශය, තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාස අතර බහු පාර්ශවකරුවන් විසින් මෙහෙයවන ක්‍රියාවලියක සහසම්බන්ධතා සහ පිරිසිදු නිෂ්පාදනය හා මිනිස් සෞඛ්‍යය සම්බන්ධයෙන් තවදුරටත් මෙහිදී ගවේශනාත්මක ලෙස තොරතුරු රැස්කෙරිණි.

දේශගුණ විපර්යාස කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා දක්ෂිණි පෙරේරා, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන, මොරටුව විශ්ව විද්‍යාලයේ ‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත සුගතපාල,ඔස්ට්‍රියානු ව්‍යාපාරික SUSTENT අධ්‍යක්ෂ මාක්ස් ‌මොලර් ඇතුළු විද්වත් සභාවක් ‌මෙම සංවාදයේ අදහස් පළ කරමින් සාකච්ඡා මණ්ඩපයට එක්වුහ.

දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීම, සත්ත්ව සුභාසාධනය, සමාජ ආර්ථික ගැටලු සදහා පිළියම් සෙවීම ඇතුළු දේශීය හා ගෝලීය ක්‍රියාකාරකම් සදහා ස්ලයිකැන් භාරය දායක වෙමින් සිටියි.

ප්‍රතිපත්ති සකස්කිරීමේ උපදෙස් ලබාදීම, ක්‍රියාකාරකම්වල අදාල සැලසුම් සැකසීම, බිම් මට්ටමේ ක්‍රියාකාරකම් සහ  දැනුවත්භාවය ඇතිකරමින් සංවිධාන සමග ජාලගත සම්බන්ධතා ඇති කිරීම හා ධාරිතා සංවර්ධනය ස්ලයිකැන් භාරය සාක්ෂාත් කරගත් අරමුණු අතරවෙයි.

 

අවසන්.

වැඩි විස්තර සඳහා: info@slycantrust.org

 


Related Articles

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.