දේශගුණික තත්ව නිසා සිදුවන අවදානම කළමනාකරණය කිරිම සහ වැඩිදියුණු කිරිම පිණිස ගොවි ජනතාව සමග සම්බන්ධ විම.

March 27, 2021

ගංගා නිම්න ශිෂ්ඨාචාර සමග බිහිවුණු කෘෂිකර්මාන්තය අද වන විට එහි නව මානයන් සොයා යමින් උසස් තත්වයෙන් යුතු ආහාර නිෂ්පාදනයක් සඳහා යොමු වී ඇත. අනාදිමත් කාලයක පටන් පවතින දේශීය කෘෂිකර්මාන්තය දේශීය ආහාර නිෂ්පාදනය සම්පූර්ණ කිරිමෙහි පරමාර්ථයෙහි ලා බැදි කටයුතු කරයි. පෙර රජ දවස සිට අහස් දියෙන් පෝෂණය ලබමින් පැවතුණු කෘෂිකර්මාන්තයට අද වන විට රජයේ මැදිහත්වීම පවා ලැබි ඇත. නමුත් විවිධ කාලයන්හි ඇතිවන දේශගුණික විපර්යාසයන්වලට මුහුණ දිමට කෘෂිකාර්මික අංශයට සිදුවිම කණගාටුවකි. නිවර්තන කලාපයට අයත් රටක් වන ලංකාවට මේ වන විට දේශගුණික විපර්යාසයන් වලට මුහුණ පැමට සිදුව ඇත. එදිනෙදා රැකියාව කරන පුරවැසියාට මෙය කොපමණ දුරට වැටහි ඇති ද යන්න ගැටළුවක් වුවත් අතිතයේ පටන් යල මහ දෙකන්නයන්ගේ ගොවිතැන් කටයුතු කරන ගොවියාට මෙම වෙනස මනාව වැටහි ඇත.

වර්තමානයේ ලංකාවේ සිදුවන දේශගුණික විපර්යාසවල මෙන්ම ඒවා නිසා සිදුවන ආපදාවල ද ‌වැඩිවිමක් දක්නට ඇත. ඝර්ම කලාපිය රටක් වන ලංකාවට මෙම දේශගුණික විපර්යාස නොයෙක් අකාරයෙන් බලපෑම් ඇති කරයි. නිදසුන් ලෙස නියං තත්ව ඇති විම, ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිම, ක්ෂණිකව ඇදහැලෙන විශාල වර්ෂා නිසා ගංගා පිටාර ගැලිම, අධික උණුසුමක් ඇති කාල වකවානුවන් වලට මුහුණ දිමට සිදුවිම ආදිය දැක්විය හැක. ‌මෙවැනි දේශගුණයේ සිදුවන වෙනස්විම් ගොවි ජනතාවට මහත් සේ බලපානු ලබයි. මෙයට හේතුව නම් දිර්ඝ කාලවකවානුවක සිට වගා කිරිමට හුරු වු ගොවියාට වර්ෂාව ලැබෙන සමයන්, නියං සමයන්, ගංගාවන් පිටාර ගලන සමයන් ආදිය පිළිබඳ මනා වැටහිමක් ඇත. ඔවුන් තමාගේ වගා කටයුතු සිදු කළේඳ එම අහිතකර සමයන් මගහරිමින් නිසි කාලරාමුවක් සදා ගැනිමෙනි. නමුත් මෙම දේශගුනික විපර්යාස නිසා සිදුවන මෙම හදිසි තත්ව මේ වන විට ඔවුන්ට ගැටළුවක් වී ඇත. එසේ වන්නේ එම විපර්යාස නිසා ඔවුන්ගේ වගා වලට හානි වන බැවිනි. නිදසුන් ලෙස පසුගිය කාලයේ අනපේක්ෂිත ගංවතුර නිසා තම අස්වැන්න විනාශ වි ගිය ගොවියාට පසුව ඇතිවු අධික උණුසුම් තත්වය සමග පැතිරි ගිය කෘමි උවදුර නිසා අස්වැන්න විනාශයට පත් විය.

මෙම දේශගුණික විපර්යාස නිසා කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපැම් සෘජුවම බලපානු ලබන්නේ ගොවි ජනතාවටයි. තමා දුක් මහන්සි වි වපුරනු ලැබු බීජයේ එලය ලබාගැනිමට නොහැකිවිම තරම් අවසනාවන්ත සිදුවිමක් දේශීය ගොවියාට නොමැත. තමාගේ අහිමි වු අස්වැන්නට අමතරව ආර්ථිකමය වශයෙන් මහත් පාඩුවක් දැරිමට මෙම ගොවි ජනතාවට දේශගුණික විපර්යාස නිසා සිදුවන හානි නිසා සිදුවේ. මේ හේතුවෙන් දේශීය වශයෙන් දේශගුණික විපර්යාස නිසා සිදුවන අවදානම කළමනාකරණය කිරිමට සහ ඒවාට අනුවර්තනය විම සදහා අවදානම් හුවමාරුව පිළිබඳ කඩිනම් වැඩපිළිවෙළක් අවබෝධ කරගැනිම ඉතා වැදගත් වේ. මිට අදාළ අන්තර්ජාතික ආයතනය වන අන්තර්ජාතික දේශගුණික සමාජිය පර්යේෂණ ආයතනයේ මතය අනුව දේශගුණික විපර්යාසවල අවදානම කළමනාකරණය කිරිම යනු පුර්ව අනතුරු ඇගවිමේ පද්ධති, බෝග අඨික්ෂණය සහ අස්වැන්න පුරෝකථනය, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂි රක්ෂණය, ගතික සම්පත් වෙනස් කිරීමේ නීති යනාදිය තිරසාර මට්ටමකින් පවත්වාගනිමින් දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපැම සමග සාර්ථකව කටයුතු කිරිම සදහා තොරතුරු තිරසාර පසුබිමක අනුගමනය  කිරිමයි.

2016 වර්ෂයේදී රටවල් 196 ක සහයෝගිතාවයෙන් ඇති කරගත් පැරිස් ගිවිසුමේ (Paris Agreement) අරමුණු සාක්ෂාත් කරගැනිම සදහා ලංකාව කැපවී සිටින රටකි. එහි මුලික අරමුණක් වන ගෝලීය උෂ්ණත්වය 2oC ට වඩා අඩු කිරිම මගින් දේශගුණික විපර්යාසයන්ගේ බලපැම් අවම කිරිම සහ එය 1.5oC දක්වා සිමා කිරිමෙහි අරමුණු සාක්ෂාත් කිරිමට ලංකාව කැපවී සිටි. එහි කොටසක් ලෙස Nationally Determined Contributions (NDC) හරහා, දේශගුණය විසින් කෘෂිකර්මාන්තය ඇතුළු අංශ වලට ඇති කරන හානිය අවම කිරිමට සහ අනුවර්තනය විමට දායකත්වය සපයයි. මෙය ශක්තිමත් කිරිම සහ උපායමාර්ගිකව පුළුල් පාරාසයක විහිදී යනු පිණිස සැළසුම් කිරිම සහ පවත්වාගෙන යාම සදහා දේශගුණික හා ආපදා අවදානම් රක්ෂණය (CDRFI) පිළිබඳ සන්දර්භය තුළ බහු හවුල්කාරිත්වයන් (MAPS) පිළිබඳ ගෝලීය ව්‍යාපෘතියක කොටසක් ලෙස ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දේශගුණික අවදානම් සහ අවදානම් හුවමාරු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳ පර්යේෂණ SLYCAN Trust මගින් කරමින් පවති.

මෙහි කොටසක් ලෙස, SLYCAN Trust සතු තරුණ පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර, ඉපලොගම සහ හොරොව්පතාන යන ලේකම් කොට්ඨාස සහ ත්‍රිකුණාමල, ගෝමරංකඩවල සහ මොරවැව යන ලේකම් කොට්ඨාස වලදි තොරතුරු රැස් කිරිමේ චාරිකාවන් පවත්වන ලදි. මෙම පවත්වන ලද  චාරිකාවේ මුලිකම අරමුණු බවට පත්වුයේ දේශගුණික විපර්යාසයන් නිසා ගොවින්ට සිදුවන අවදානම හුවමාරු කිරිමේ වැඩපිළිවෙළක් සහ එම වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන්ට ඇති දැනුවත්භාවය පිළිබඳ වැඩිදුර දත්ත එක්රැස් කිරිමයි.

SLYCAN Trust කණ්ඩායම තොරතුරු ලබාගන්නා අතරතුර

මෙම ලේකම් කොට්ඨාසයන්හි පවත්වන ලද චාරිකාවන්හිදි, ගොවින් 120කට වැඩි පිරිසක් සමග කරුණු සාකච්ඡා කිරිමට SLYCAN Trust  කණ්ඩායමට හැකි වු අතර ඔවුන්ගේ කැමැත්ත ලැබිමෙන් පසු මෙම පර්යේෂණයේ මුලිකම පැතිකඩයන් ගවේෂණය කිරිම සදහා පුළුල් සමික්ෂණ වාර්තාවක් ඔවුන්ගෙන් කරුණු අසමින් පුරවා ගැනුණි. මෙම නියැදිය කාන්තා සහ පුරුෂ ගොවින් ආවරණය වන පරිදි සිදු කිරිමට SLYCAN Trust කණ්ඩායමට හැකි විය.

මෙය හුදෙක්ම ගොවි ජනතාවගේ තොරතුරු ලබාගැනිම මත පමණක් ලඝු නොකොට SLYCAN Trust කණ්ඩායම මෙම සැපයුම් දාමයේ අනෙකුත් පුරුක්වන වී මෝල් හිමිකරුවන්, රජයේ නිළධාරින්, රජයේ බැංකු නිළධාරින් සමඟද සාකච්ඡා පවත්වා තොරතුරු ලබාගන්නා ලදි. මෙම චාරිකාවේදී ලබාගත් දත්ත, මිට ඉහත අවස්ථාවන්හිදී පැවති චාරිකවන්වලදී ගොවින් 400 ක් සමග කරුණු සාකච්ඡා කර ලබාගත් දත්ත මත පදනම් කර ගැනීමට උපකාරී විය.

සමීක්ෂණයට පෙර SLYCAN Trust කණ්ඩායම විසින් පවත්වන ලද සැසිවාරයට සහභාගී වන ගොවීන්.

මැතකදි අප සිදුකළ මෙම චාරිකාවේදී අප කණ්ඩායම සිදුකළ ඇතැම් ගවේෂණ පහතින් දක්වා ඇත.

  • පසුගිය දශකයක කාලය තුළදී ගොවි ජනතාව දේශගුණික විපර්යාස නිසා අත්විඳි වගාවන්ට සහ කෘෂිකාර්මික කටයුතු වලට සිදුවු විවිධ හානි
  • එවැනි දේශගුණික විපර්යාස නිසා සිදුවු හානි සහ පාඩු පියවා ගැනිම සදහා දැරු පිරිවැය
  • එම හානි සහ පාඩු පියවා ගැනිමේ කාර්යය සදහා ගොවින්ට ඇති වැඩපිළිවෙළ සහ පද්ධතින්.
  • වන්දි මුදල් ලබාගැනිම පිණිස අනුගමනය කළ පියවර
  • ලංකාව තුළ පවතින අවදානම් හුවමාරු කිරිමේ වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සහ දැනුම.
  • ගොවි ජනතාව සහ ඔවුන්ගේ සැපයුම් දාමය මුහුණ දි ඇති අනාරක්ෂිත බව.

SLYCAN Trust වන අප ඉදිරියටත් තෝරාගත් දේශගුණික අවදානමට ලක්විය හැකි විවිධ පැතිවල, විවිධ ජනවාර්ගික කණ්ඩායම් නියෝජනය කරන පුළුල් නියැදින් වලින් දත්ත එක්‍ රැස් කිරිමට අපේක්ෂා කරයි. මෙහිදී පිළිබිඹු වන ගොවි ජනතාවගේ සැබැ අයිතින් ඔවුන්ගේ උන්නතිය උදෙසා නව මානයකින් දැකිමට SLYCAN Trust අපේක්ෂා කරයි!

Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.