දේශගුණික විපර්යාස සමඟ අරගල කරනා දේශීය ගොවි ප්‍රජාව

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ආහාර නිෂ්පාදන චක්‍රයට සහ කෘෂිකාර්මික සැපයුම් හා වටිනාකම් දාමයට සෘජු හෝ වක්‍රව ලෙස බලපෑමක් ඇති කරන දේශගුණික අවදානම් අවබෝධ කරගැනිමට Sළ්‍ය්Cඇණ් ඨෘස්ට් ආයතනය කටයුතු කරමින් සිටියි. මෙහිදී Sළ්‍ය්Cඇණ් ඨෘස්ට් ආයතනය විසින් මූලික වශයෙන් අනුරාධපුර සහ ත්‍රිකුණාමල  දිස්ත්‍රික්ක තෝරාගෙන ඇත. අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ගොවීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව වෙනස්වන දේශගුණය හමුවේ ඔවුන්ගේ අත්දැකීම් සහ අරගලයන්  ග්‍රහණය කර ගන්නා වීඩියෝ මාලාවක් අපි සම්පාදනය කර ඇත්තෙමු.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි දූපත් රටක් ලෙස හැඳින්විය හැකි අතර එම නිසා බොහෝ අංශවලන් දේශගුණික විපර්යාසයන්ට නිරාවරණය වනු ලබයි. කෘෂිකර්මාන්තය වසර දස දහස් ගණනාවක පටන් මානව සමාජයේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය ලෙස මෙන්ම එය සමස්ත ලෝකවාසීන්ගේ ආර්ථික සංස්කෘතිය ලෙසද හැඳින්විය හැකිය.. කෘෂිකර්මය යනු ‘‘මහපොළොවට ආදරය කරමින් ස්වාභාව ධර්මය සමඟ එකඟත්වයක් සහිතව ආදරණීයව කරනු ලබන සංස්කෘතිකමය ගනුදෙනුව වේ. ආදී කාලීන මිනිසා මහපොළොව ආරක්ෂා කර ගනිමින් ස්වාභාවික පරිසරය හා අත්‍යන්තව බැඳෙමින් සිය ජීවන වෘත්තිය වූ කෘෂිකර්මාන්ත කටයුතු සිදු කරනු ලැබූ අතර වර්තමානයේ දේශගුණික විපර්යාස හේතුවෙන් ගොවි ප්‍රජාවට සහ මෙම අංශයේ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් වෙත නව අභියෝග මාලාවක් එල්ල වී ඇත. මෙම නව අභියෝග මාලාව හමුවේ දේශිය ආහාර නිෂ්පාදන පද්ධතියේ ප්‍රාථමික ආහාර නිෂ්පාදකයින් වන ගොවි ප්‍රජාවන්ට දේශගුණික විපර්යාස කෙරෙහි අනුහුරු වීමේ හැකියාන් සහ අනුවර්තන හැකියාවන් නොමැති නම්, එය රටේ ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව, ආර්ථිකය, තිරසාර සංවර්ධනය ඇතුළු  තවත් බොහෝ අංශ කෙරෙහි නිසැකවම බලපානු ඇත.

ගංගා නිම්න ශිෂ්ටාචාරයත් සමඟ බිහි වූ කෘෂිකර්මය අද වන විට විවිධ පැතිකඩයන් ඔස්සේ පැතිරී පවතින අතර ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව හට ජීවනෝපාය අවස්ථා උත්පාදනය කර දෙනු ලබයි. නමුත් ඉතා සෝචනීය ලෙස මේ වන විට මුහුණ පෑමට සිදුවන දේශගුණික අභියෝග සහ දුර්වල ආදායම හමුවේ, ගොවි ප්‍රජාව තම සුපුරුදු කෘෂිකර්මාන්තය අතහැර වෙනත් ජීවනෝපාය අවස්ථා සඳහා අවතීර්ණ වන බවක් දක්නට ලැබේ.  මෙම දේශගුණික අභියෝගයන් ලෙස ග්‍රාමීය ගොවීන්ගේ පොදු පැමිණිලි වන්නේ  නියඟය, අධික වර්ෂාව, අකල් වර්ෂාපතනය, සෘතු මාරුව සහ පළිබෝධ නිසා ඇතිවන රෝග වේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කළ්‍යාණපු‍ර ප්‍රදේශයේ ගොවියෙකු වන ආර්.ආර්. ඉලංගරත්න මහතා අප සමඟ පැවසුවේ, දැන් මාස හයේ වැසි සමය පෙර මෙන් නොවන බවත් දැන් එය මාසයක් හෝ දෙකකින් පමණ  වෙනස් වී තිබෙන බවට හැඟෙන බවය. මෙම හේතුවෙන් කාලගුණික රටාවන්හි වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් ගොවීන්ගේ ගොවිතැන් ක්‍රම හා ක්‍රමවේදයන් වෙනස් විය යුතු බව බොහෝ ගොවීන් තේරුම් ගෙන තිබේ.

සාම්ප්‍රදායික දැනුම වෙත ආපසු හැරී බැලීමේදී කෘෂි කාලගුණ විද්‍යා උපදේශනය ඇතුළත් කර ගනිමින් තිරසාර ආකාරයකින් දේශගුණික විපර්යාස නිසා සිදුවන අභියෝගයන්ට මුහුණ දීමට සහ අනුවර්තන වීමට පියවරයන් හැඩගස්වා ඒවා දේශීයකරණය කිරීමට හැකියාවක් පවතී. මෙහිදී අප සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ සමහර ගොවීන් දේශගුණික විපර්යාසයන් හා අලාභයන් අවම කර ගැනීමට උපකාරී වන විවිධ දැනුම පද්ධති පිළිබඳ ඉතා ප්‍රයෝජනවත් සහ ඵලදායි  තොරතුරු හෙළි කළහ. මෙයට කදිම නිදසුනක් ලෙස, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කළ්‍යාණපුර චන්ද්‍රා ගලගොඩ මහත්මිය, වගාවට එල්ලවන පණුවන් හා කෘමි උවදුර මැඩලීම   සඳහා ඇය භාවිතයට ගන්නා කෘෂිකාර්මික පිළිවෙත් කිහිපයක් බෙදාහදා ගනු ලැබීය.

ගොවීන් සමඟ අප විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මෙලෙස බෙදාගැනීමෙන්, ප්‍රාථමික ආහාර නිෂ්පාදකයින් මුහුණ පාමින් සිටින අවදානම පිළිබඳව මෙන්ම ඒ පිළිබඳ සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීම අපගේ අරමුණු අතර පවතී.  එමෙන්ම ඔවුන්ගේ අදහස් සහ තීක්ෂණ බුද්ධිය ඉස්මතු කිරීම සහ දේශීයකරණය වූ නව්‍ය විසඳුම් සෙවීමට දායක වීමටද මෙමඟින් Sළ්‍ය්Cඇණ් ඨෘස්ට් ආයතනය අපේක්ෂා කරනු ලබයි.  

ගොවීන් සමඟ අප පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ නැරඹීම සඳහා පහතින් සදහන් කර ඇති යූ ටියුබ් සබැඳින් වෙත පිවිසෙන්න.

කෘෂිකාර්මික අංශයේ දේශගුණික විපර්යාස අනුවර්තනය

ගොවීන් කෘෂිකර්මාන්තය අතහැර යන්නේ ඇයි?

දේශගුණික විපර්යාස අනුවර්තනය පිළිබඳ දේශීය දැනුම සහ අවබෝධය

මෙය දේශගුණික හා ආපදා අවදානම් මූල්‍යකරණය සහ රක්ෂණ ප්‍රත්‍යස්ථතාව පිළිබඳ ගෝලීය හවුල්කාරිත්වය සඳහා  ජර්මානු ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ සහයෙන් සිදු කර ඇත.


Related Articles

Tags

No items found.
About the Author
No items found.