ගෝලීය අභියෝගවලට මුහුණදීමේ නවෝත්පාදන සහ ව්යවසායකත්වයමැයෙන් දේශගුණ විපර්යාස පිළිබද තරුණ සංසදයේ දෙවැනි අදියරේ වැඩමුළුව ශ්රි ලංකාපුවත්පත් ආයතනයේ ස්ලයිකැන් ශ්රවණාගාරයේදී පසුගියදා (09) පැවැත්විණි.
දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් ගෝලීයඅභියෝගතා සදහා තාරුණ්ය මැදිහත්වීම ඔස්සේ විසදුම් සෙවීමේ අරමුණ ඇතිව මෙම වැඩමුළුවස්ලයිකැන් භාරය (SLYCAN TRUST) සහ නිර්මාංශසදුදා (Meatless Monday Sri Lanka) ව්යාපෘතිය විසින් සංවිධානය කර තිබිණි.
2018 වසරේ දේශගුණ විපර්යාස සදහා වු ගෝලීය තරුණසැසියට තෝරාගත් තරුණ තරුණියෝ මෙම වැඩමුළුවට එක්ව සිටියහ.
තුරු සහ වෙන්චර් ෆාන්ටියර්ස් සම නිර්මාතෘහේමින්ද ජයවීර මහතා ගෝලීය අභියෝගවලට අදාල නවෝත්පාදන සහ ව්යවසායකත්වය මැයෙන් දේශනයපැවැත්වුයේය.
ව්‍යාපෘති යෝජනාවක් සකස් කරන්නේ කෙසේද යන්නගැන තරුණ පිරිස දැනුවත් කරනු ලැබුවේ ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥවොසිතා විජේනායක මහත්මිය විසිනි.
" තිරසාර සංවර්ධනයක් කරා පියමං කිරීම ගැන ලෝකයපුරා කතාබහට ලක්කෙරෙනවා. නමුත් ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී නවෝත්පාදන ක්රියාවලියයටතේ නව නිපැයුම් සදහා යොමුවන්නේ කෙසේද යන්න පිළිබදව සොයා බැලිය යුතුයි. තරුණතරුණියන් විධියට ඔබට අලුත් නිර්මාණාත්මක අදහස් හිතට ගලාගෙන ඒවි. එ අදහස්නිරන්තරයෙන්ම අනෙක් අය හා බෙදාගන්න. කතා කරන්න. ඒ ගැන තීන්දු තීරණ ගත හැකි පිරිසටයොමු කරන්න. තමන්ගෙ අදහස කවුරුහරි දැනගත්තොත් තමන්ට ඒ අදහසින් ලබාගැනීමට තිබුණුලාභ ප්රයෝජන නැතිවේවි කියලා හිතලා අලුත් අදහස් ඔබත් සමග මියැදෙන්න ඉඩ දෙන්න එපා.එක අදහසක් ආවා නම් තවත් අදහස් සිය ගණනක් ඔබට පහළවේවි, අනෙක් කාරණය අලුත්වන ලෝකය හමුවේ ඇතිදේශගුණික විපර්යාසවල අභියෝගයට මුහුණදීම සදහා අවශ්ය නවෝත්පාදන බිහිවීමේ දැඩි අවශ්යතාවක්තිබෙනවා. ඒ නිසා බිය නොවී අලුත් ඇරඹුමක් වෙනුවෙන් ආයෝජනය කරන්න යැයි හේමින්ද ජයවීරමහතා ඉල්ලා සිටියේය.
ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී ඇතිවන අභියෝගසදහා මුහුණ දීමට තරුණ තරුණියන් වඩා අවධානය යොමු කළ යුතු කරුණු සහ ව්‍යාපෘතියෝජනාවකින් බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න ගැන නීතිඥ වොසිතා විජේනායක මහත්මිය තරුණතරුණියන්ව දැනුවත් කළාය.
" ගෝලීය දේශගුණ විපර්යාස සදහා මුහුණ දීමට නවනිපයුම් යෝජනා ඉදිරිපත් කරමින් ව්යවසායකත්වය සොයන තරුණ තරුණියන් වෙනුවෙන්ස්ලයිකැන් භාරය ඔස්සේ ප්රධාන වශයෙන් මග පෙන්වීම සිදුකරනවා. අද දිනයේ මේ පවත්වනවැඩමුළුවේ අරමුණත් එයයි. යැයි ඇය අවධාරණය කළාය.
වැඩමුළුව අවසානයේ දේශගුණ විපර්යාස සදහා වුජාතික සන්නිවේදන ක්‍රමෝපාය සදහා සහභාගිවූ තරුණ තරුණියන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමද සිදුවිය.
Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.