ජෛව විවිධත්වයෙන් අනුන කඩොලාන පරිසර පද්ධතියේ පැවැත්ම සහ සංරක්ෂණය වෙනුවෙන් SLYCAN Trust දායකත්වය

April 10, 2021

අන්තර් උදම් කලාප ලෙස සැලකෙන ජලය සහ ගොඩබිම එක්වන මායිම් වල සැදෙන කඩොලාන පරිසර පද්ධතිය ඉතා සුවිශේෂි ජෛව විවිධත්වයකින් හෙබි විශේෂ ශාක ප්රජාවකි. කලපු, මෝය සහ කුඩා දුපත් ආදී පරිසර පද්ධති මුල් කොට ගෙන හට ගන්නා මෙම කඩොලාන පරිසර පද්ධතිය කරදිය මෙන්ම මිරිදිය දෙවර්ගයටම නිරාවරණය වේ. මුහුද සහ ගොඩබිම අතර පරිසරය නොනැසි පැවතිමට දායකත්වය සපයන මෙම කඩොලාන වෙරළබඩ ශාක සහ සත්ව ප්රජාවන්ගේ යහ පැවැත්ම, ආහාර සුරක්ශිතතාව සහ ආරක්ශාව සඳහා මහත් සේවයක් සපයනු ලබයි. මෙම කඩොලාන සතු සුවිශේෂි ලක්ෂණයක් වන්නේ සමාන්ය ශාක වලට සාර්ථකව වැඩිමට අපහසු පරිසර පද්ධතීන් වන ලවණ මිශ්ර, අධික සුළං සහ අධික හිරු එළිය සහිත පරිසර පද්ධතීන් වල ද කඩොලාන ශාක වලට සාර්ථකව වැඩිමට හැකි විමයි. මෙම කඩොලාන පරිසර පද්ධති ජෛව විවිධත්වයෙන් අනුන වන අතර කාබන් තිර කිරීමට සහ රඳවා තබා ගැනිමට ඇති සුවිශේෂි හැකියාව නිසා දේශගුණික විපර්යාස අවම කිරීමට ද මහත් දායකත්වයක් සපයයි. 



කඩොලාන පිළිබඳ ඇති වාර්තා වලට අනුව ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15 ක් පමණ වන අතර ශ්‍රි ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් ශ්‍රි ලංකාවේ කලපු ආශ්‍රිතව කඩොලාන දැක ගැනිමට හැකිය. නිදසුන් ලෙස පුත්තලම කලපුව, මීගමුව කලපුව සහ මාදු ගඟ ආදී ප්‍රදේශ වල කඩොලාන විශේෂ බහුලව ව්‍යාප්ත ව ඇත. සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන ලෙස කඩොලාන මුලික ප්‍රභේද දෙකකට වෙන් කිරිමට හැකිය. සත්‍ය කඩොලාන දැකිමට හැකි වන්නේ කඩොලාන පරිසර පද්ධතීන් තුළ පමණක් වන අතර ආශ්‍රිත කඩොලාන පිටස්තර පරිසර පද්ධතීන් තුළදී ද දැක ගැනිමට හැකිය. මල් කඩොල්, හින් කඩොල් ආදිය සත්‍ය කඩොලාන ප්‍රභේදයට අයත් වන අතර කැරැන් කොකු, කටු ඉකිලි ආදිය ආශ්‍රිත කඩොලාන ප්‍රභේදයට අයත් වේ.  


කඩොලාන යනු ඉතා සුවිශේෂි පරිසර පද්ධතියකි. වෙරළාශ්‍රිතව සිදුවන වෙරළ ඛාදනය වැළැක්විමට කඩොලාන විශාල කර්යභාරයක් ඉටු කරයි. 2004 වසරේ ඇති වු සුනාමි ව්‍යසනයේදි පවා කඩොලාන තිබු ප්‍රදේශ වල හානිය බොහෝ සෙයින් අඩු විය. මිට අමතරව ඉස්සන්, කකුළුවන් ආදි සත්ව විශේෂ සඳහා අභිජනන ස්ථානයක් ලෙස මෙන්ම ඔවුන්ගේ අරක්ෂාව වෙනුවෙන් ද කඩොලාන පරිසර පද්ධතිය දායක වේ. එමෙන්ම සමහරක් කඩොලාන විශේෂ ඖෂධ ලෙස ද භාවිතයට ගැනෙන අතර කිරල වැනි කඩොලාන ශාක විශේෂ පළතුරක් ලෙස ද භාවිතයට ගැනේ.

මෙලෙස ඉතා සුවිශේෂි ජෛව විවිධත්වයකින් හෙබි ඉතා වැදගත් ප්‍රයෝජන ‍රැසක් ඇති මෙම කඩොලාන පරිසර පද්ධතිය සුරැකිමට සහ තව තවත් ව්‍යාප්ත කිරිම SLYCAN Trust ආයතනය Mitsubishi සමාගම හා එක්ව කඩොලාන පැල 6000 ක්  රෝපණය කිරිමේ ව්‍යාප්තියක් ආරම්භ කිරිමට නියමිතය. මෙම ව්‍යාප්තිය යටතේ කඩොලාන රෝපණයට සුදුසු භුමි ප්‍රදේශ තෝරා ගැනිමට සහ එම එක් එක් භුමි ප්‍රදේශයන්හි යෝග්‍යතාව තිරණය කිරිම සඳහා ජෛව විවිධත්ව තක්සේරුවක් මැතකදී ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ එක්ව SLYCAN Trust පර්යේෂණ කණ්ඩායම විසින් පවත්වන ලදී. සමුද්‍රිය පාරිසරික ආරක්ෂක අධිකාරියේ (MEPA) සහය ඇතිව මේ සඳහා ස්ථාන තෝරා ගන්නා ලදී. ඒවා නම් මංගල එළියේ ස්ථාන දෙකක් සහ මුන්දලම කලපුවේ ස්ථානයකි. ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වන ආචාර්ය මනෝජ් ප්‍රසන්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජෛව විවිධත්ව තක්සේරු ක්‍රියාවලිය සිදු කරන ලදී.   


මෙම ව්‍යාපෘතිය දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම අවම කිරිම සඳහා නිල් කාබන් පරිසර පද්ධති ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් SLYCAN Trust ආයතනය ගන්නා අඛණ්ඩ ප්‍රයත්නයේ කොටසකි. මීට පෙර අවස්ථාවන් ගණනාවක දීම SLYCAN Trust ආයතනය විසින් කල්පිටිය, දික්ඔවිට සහ මන්නාරම යන ප්‍රදේශයන් හිදී රාජ්‍ය ආයතන කිහිපයක් හා සහයෝගයෙන් කඩොලාන සංරක්ෂණය සඳහා කටයුතු කරන ලදී. 2019 දි කඩොලාන පැල 1500 ක්, 2020 දි තවත් පැල 1500 ක් කල්පිටියේ තෝරාගත් ස්ථාන කිහිපයක දී ප්‍රදේශයේ තරුණ ප්‍රජාවේ ද සහය ඇතිව රෝපණය කරන ලදී. මිට අමතරව 2020 දි දික්ඔවිට කඩොලාන පැල 50 ක් රෝපණය කරනු ලැබු අතර එහිදි SLYCAN Trust කණ්ඩායම විසින් වෙරළ පිරිසිදු කිරිමේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය කටයුතු වල නිරත විය.


පාරිසරික මෙන්ම ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් වන කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනිම සැමගේ යුතුකමකි. එයට සහය වනු පිණිස SLYCAN Trust ආයතනය ගන්නා අඛණ්ඩ ප්‍රයත්නයන් අතර මෙම කඩොලාන රෝපණ වැඩසටහන් මගින් කඩොලාන පරිසර පද්ධතිය වැඩි දියුණු කිරිමට මෙන්ම සංරක්ෂණයට කිරිමට ද දායකත්වය සපයනු  ලබයි.


යොමුව;

  • Amarasinghe, M. D., & Perera, K. A. R. S. (2017). Ecological biogeography of mangroves in Sri Lanka. Ceylon Journal of Science, 46(5), 119.
  • Gunathilaka, M. D. K. L. (2017). SUSTAINABILITY OF MANGROVE RESTORATION AND CONSERVATION IN KALPITIYA. WILDLANKA Journal of the Department of Wildlife Conservation of Sri Lanka, 5(3).
  • Hutchings, P., & Saenger, P. (1987). Ecology of mangroves. Ecology of mangroves.

Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.