ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සමඟ එක්ව,  SLYCAN Trust ආයතනය මගින් පැවැත්වු කෘෂිකාර්මික අංශයේ දේශගුණික හා ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ පැවත්වු ජාතික සංවාදය

March 25, 2021


‌2020 මාර්තු 22 වන දින දේශිය කෘෂිකාර්මික අංශයේ දේශගුණික සහ ආපදා අවදානම් කළමණාකරනය පිළිබඳ ජාතික සංවාදයක් SLYCAN Trust ආයතනය මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සමඟ එක්ව ඉතාමත් සාර්ථකව සංවිධානය කරන ලදී. මෙම සංවාදය සදහා රාජ්‍යය අංශය, ශාස්ත්‍රාලිය අංශය සහ සිවිල් සමාජය නියෝජනය කරමින් පාර්ශවකරුවන් සහභාගි විය. 


ඉදිරි දශක කිහිපයක කාලය තුළ ශ්‍රි ලංකාව දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටවල් අතර වඩාත් ඉදිරියෙන් ඇත. දැනටමත් දේශිය කෘශිකාර්මික අංශය මෙම දේශගුණයේ සිදුවන අහිතකර බලපැම් අත්විදිමින් සිටින අතර එය නුදුරු අනාගතයේදි වඩාත් ත්‍රීව සහ නිරන්තරයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කරයි. මෙම සංවාදයේ මුලිකම අරමුණ බවට පත්වුයේ දේශිය කෘශිකාර්මික අංශයේ දේශගුණික අවදානම් වලට ඔරොත්තු දිමේ හැකියාව වර්ධනය කිරිම සදහා දේශගුණික සහ ආපදා අවදානම් කළමනාකරණය වැඩි දියුණු කිරිම සදහා ඇති අවස්ථාවන්, අභියෝගයන් සාකච්ඡා කිරිම සදහා ප්‍රධාන පාර්ශවකරුවන් එකම වේදිකාවක් තුළට ගෙන ඒමයි.  මෙම සංවාදයේදි අවදානම් හුවමාරු යාන්ත්‍රණය පිළිබද සහ එම යාන්ත්‍රණයේ මේ වන විට පවතින අවශ්‍යතා පිළිබද සාකච්ඡාවට ලක් කෙරිණි.


මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකාර්මාන්ත අමත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකාර්මික අංශයේ දේශගුණික විපර්යාස හා අලාභයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අවධාරණය කළේය. මිට අමතරව රජය වසරකට කෘෂිකාර්මික අංශයේ දේශගුණික විපර්යාස හා අලාභ සඳහා වන්දි වශයෙන් රුපියල් බිලියන 40 කට ආසන්න මුදලක් වෙන් කර ඇති වුවත් යම් අවස්ථාවන්හිදී ගොවි ජනතාව හට ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබෙන බව පැවසීය. මේ සඳහා ව්‍යුහාත්මක පද්ධතියක් සහ විවිධ පාර්ශව‍යන් සම්බන්ධ කර ගැනීම අවශ්‍ය බව පැවසු එතුමා එම හේතුවෙන් මෙවැනි සංවාදයක් කාලෝචිත බව පැවසීය.  


ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක මිලින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවේ දේශගුණික විපර්යාස සහ දේශගුණික අවදානම් කළමනාකරණය පිළිබඳ පර්යේෂණ හා උපදේශන පවත්වන විට රජය  ප්‍රධාන පාර්ශවකරුවෙක් බව සහ ප්‍රතිපත්ති  කෙටුම්පත් කිරීම සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජය සිදු කරන බවයි.   


තවදුරටත් මෙම සංවාදයේදි අවදානම් මූල්‍යකරණය සහ අවදානම් හුවමාරු යාන්ත්‍රණයන් පිළිබඳව අවධානය යොමු කළේය. 2016 වර්ෂ‍යේ සිට ශ්‍රි ලංකාව තුළ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර දශක ගණනාවක සිට ජාතික බෝග රක්ෂණ යෝජනා ක්‍රම පවත්වාගෙන යාමේ අත්දැකිම් ඇත. පැරිස් ගිවිසුම යටතේ ඇති ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) හරහා සහ එහි ජාතික අනුවර්තන සැලැස්ම (NAP) හරහා දේශගුණික විපර්යාසයන්ගෙන් සිදුවන හානිය ආමන්ත්‍රණය කිරීම සදහා ශ්‍රි ලංකාව කැප වි ඇත. මෙම සංවාදය සදහා ජාතික හා ජාත්‍යන්තර  ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති බොහෝ පිරිසක් සම්බන්ධ විය.


SLYCAN Trust විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය මෙම සංවාදයේදි පැවසුවේ, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සඳහා විසඳුම් ලබා දෙන දේශගුණික හා ආපදා අවදානම් මුල්‍යකරණය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට යාන්ත්‍රණ රාශියක් පවතින බව‍යි. තවදුරටත් ඇය පැවසුවේ දේශගුණික විපර්යාසයන් ඉහළ නැංවීම සඳහා දායක විය හැකි මාර්ග හඳුනා ගැනීම මෙම උත්සවයේ මුලික අරමුණු අතර ඇති බවයි. 


රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාවය (Insuresilience Global Partnership)  යටතේ ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අමාත්‍යාංශයේ සහාය ඇතිව සිදුකරන ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම සංවාදය ශ්‍රි ලංකාවේ දේශීය හවුල්කරුවෙකු වන Chrysalis ආයතනය සමඟ එක්ව SLYCAN Trust ආයතනය සංවිධානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ SLYCAN Trust ආයතනය මගින් ගොවි ජනතාව, බිම් මට්ටමේ නිලධාරීන් මෙන්ම කෘෂිකාර්මික සැපයුම් දාමයේ ක්‍රියාකාරීන් සමඟ සංවාදවල ද නිරත වී ඇත. මිට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ, ශ්‍රි ලංකාවේ දේශගුණික අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සහ තරුණ ප්‍රජාව ඇතුළු විවිධ පාර්ශවකරුවන් හට ජාතික මට්ටමේ උපදේශන ලබාදිමට SLYCAN Trust ආයතනය කටයුතු කර ඇත.  මෙම ජාතික සංවාදය රටේ පවතින දේශගුණික සහ ආපදා අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයේ අවශ්‍යතා තක්සේරු කිරිමට සහ අනුවර්තනය විමට අවශ්‍ය පියව‍රයන් පිළිබද අවබෝධ‍යක් ලබා ගැනිමට උපකාර විය.


නිමි.




Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.