කඩොලාන ප්‍රතිෂ්තාපනය සහ ජීවනෝපාය ගොඩනැගීම

February 6, 2020

කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සහ ඒ අවට ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට අදාල හැකියාවන්  හඳුනා ගැනීමේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත ආයතන උපදේශනය සීදුව, එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේදී පසුගිය 23 වැනිදා පැවැත්විණි.

 

පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශය යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ස්ලයිකැන් භාරය (SLYCAN Trust) එක්ව මෙම උපදේශන හමුව සංවිධානය කර තිබිණි.

 

කඩොලාන පරිසර පද්ධති රැකගැනීම, ප්‍රතිස්ථාපනය සහ ජනතාවගේ ජීවනෝපායන් ඉහළ දැමීමට අදාලව පැවැති මෙම උපදේශනයට පරිසර අමාත්‍යංශයේ ඇතුළු රාජ්‍ය නියෝජිත ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ. 

 

සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඊට අවශ්‍ය පහසුකම් සැලසුවේය.

 

කඩොලාන වනාන්තර ඵලදායී ලෙස යොදා ගත හැකි වෙරළබඩ ආශ්‍රිත පරිසර පද්ධතියකි. වායුගෝලයේ තිබෙන කාබන් උරාබොන කඩොලාන ගැනිය නොහැකි තරම් ශාක හා සත්ත්ව විශේෂ සදහා වාසස්ථානයකි. එමෙන්ම ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, ඉදිකිරීම් උපාංග මෙන්ම අත්කම් නිර්මාණ සදහාද කඩොලාන යොදාගන්නා අවස්ථා තිබේ.

 

කඩොලාන පරිසර පද්ධති ඉතා සිත් ගන්නා සුළු ස්වභාවික අලංකාරයෙන් අනූන සංස්කෘතික වටිනාකමක් සහිත සුවිශේෂි පරිසර පද්ධතියක්වන අතර ඒ ඒ ප්‍රදේශවල ප්‍රජාව ගේ යහපැවැත්ම වෙනුවෙන් ඒවා ප්‍රවර්ධනය හැකිය.

ශ්‍රි ලංකාවේ කඩොලාන ශාක විසි දෙකක් වෙරළ බඩ පරිසරයේ හදුනාගෙන තිබුණද ඒවා කාලයත් සමග විනාශයට හා පරිහානියට ලක්ව තිබේ.

 

කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම හා පුළුල් කිරීම ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ තිරසාර සංවර්ධනයට සහාය වනු ඇත.

 

කඩොලාන පරිසර පද්ධතිය වටා ජීවත්වන ප්‍රජාව සදහා කඩොලාන පල නෙලා ගැනීම, පාරසරික සංචාරක කර්මාන්තයේ නියැලීම අතුළු කඩොලාන පරිසර පද්ධතියකින් ලැබෙන බොහෝ ආර්ථික අවස්ථා හිමිවෙති.

 

රාජ්‍ය ආයතන හා නියෝජිතයන් එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින කඩොලාන ආශ්‍රිත පාරසරික පද්ධති හදුනාගනිමින් කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම ඔස්සේ විශේෂයෙන් දික්ඔවිට ප්‍රදේශයට අදාල ආර්ථික විවිධාංගීකරණය, ජීවනෝපාය සංවර්ධනය පිළිබද මාර්ගගත වැඩපිළිවෙලක් සකස් කිරීම මෙම උපදේශන හමුවේ ප්‍රධාන අරමුණක් විය.

 

දික්ඔවිටප මෙම හදුනාගත් කඩොලාන ආශ්‍රිත භූමිය  විශාල ලෙස පරිසර දුෂණයට ලක්ව විනාශ මුඛයට ගිය ස්ථානයක්. ඒ නිසා මෙම කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම ඉතා වැදගත් යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

 

කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිතව හා ඉන් යැපෙන ප්‍රජාවගේ ආර්ථික හා ජීවනෝපාය වැඩිදියුණි කිරීමට අදාලව සැලසුම් කර තිබෙන ක්‍රියාකාරකම් ඉස්මතු කරමින් ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය අදහස් පළ කළාය.

 

“දික්ඔවිට පවතින කඩොලාන ආශ්‍රිත ප්‍රදේශය දුෂණයට පිළියම් යොදමින් අප මෙම ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා. අනතුරුව පාරසරික සංචාරක කර්මාන්තයට අදාල ක්‍රියාකාරකම් ඔස්සේ ප්‍රජාව සමග සහ සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා. අනෙකුත් ක්‍රියාකාරකම් ජාතික මට්ටමේ හා ගම්පහ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ හදුනාගැනීම්වලට සමගාමීව ක්‍රියාත්මක කළ හැකියි. මේ ඔස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩොලාන ආශ්‍රිත ක්‍රියාකාරකම් පුළුල් කළ හැකියි. ඒසේම කඩොලාන පැල තවාන් ඇති කිරීම හා අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමේ හැකියාවත් තිබෙනවා යැයි ඇය පැවසුවාය.

 

අදාල ක්‍රියාකාරකම් ප්‍රජාව සහ බහු පාර්ශවීය නියෝජිතයන් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු යැයි මෙහිදී එකගත්වයකට පැමිණියේය.

 

මෙම උපදේශනයේ පසුවිපරමක් ලෙස පෙබරවාරි මැද දික්ඔවිට ප්‍රදේශයේ කේෂ්ත්‍ර චාරිකාවක යෙදීමටත් අදාල ප්‍රදේශය ඉලක්කකර ගත් ජෛව විවිධත්ව සමීක්ෂණයක් පැවැත්වීමටත් සැලසුම් කෙරිණි.

 

දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීම, සත්ත්ව සුභාසාධනය, සමාජ ආර්ථික ගැටලු සදහා පිළියම් සෙවීම ඇතුළු දේශීය හා ගෝලීය ක්‍රියාකාරකම් සදහා ස්ලයිකැන් භාරය දායක වෙමින් සිටියි.

 

ප්‍රතිපත්ති සකස්කිරීමේ උපදෙස් ලබාදීම, ක්‍රියාකාරකම්වල අදාල සැලසුම් සැකසීම, බිම් මට්ටමේ ක්‍රියාකාරකම් සහ  දැනුවත්භාවය ඇතිකරමින් සංවිධාන සමග ජාලගත සම්බන්ධතා ඇති කිරීම හා ධාරිතා සංවර්ධනය ස්ලයිකැන් භාරය සාක්ෂාත් කරගත් අරමුණු අතරවෙයි.

 

ස්ලයිකැන් භාරය කඩොලාන ප්‍රතිස්ථාපනය ඔස්සේ නීල හරිත ආරක්ෂණ ව්‍යාපෘතියට දායක වෙමින් සිටිනුයේ මිට්සුබිෂි ඇතුළු ආයතනවල සහයෙනි.

 

අවසන්.

වැඩි විස්තර සඳහා: info@slycantrust.org


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.