නීල ආර්ථිකයක් උදෙසා නවෝත්පාදන ක්රියාවලියක් ඔස්සේ සාගර සම්පත් තිරසර ලෙස භාවිතා කිරීම

June 17, 2020

තිරසර සාගරයක් උදෙසා නවෝත්පාදන යන්න මෙවර ජගත් සාගර දිනයේ-2020 තේමාවයි. ඊට සමගාමීව මහ සයුර අපේ මතු අනාගතේ යන තේමාවෙන් ජගත් සාගර දින (ජුනි 08) ශ්රි ලංකා සැමරුම කළුතරට නුදුරු වස්කඩුව ටැංජරීන් හෝටලයේදී පැවැත්විණි. 

පරිසර හා වනජීවි සම්පත් අමාත්යංශය යටතේ,සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මූලිකත්වයෙන් ස්ලයිකැන් භාරයේ (SLYCAN Trust) සහයෝගීතාව ඇතිව මෙවර ජගත් සාගර දින ශ්රි ලංකා වැඩසටහන් මාලාව සංවිධානය කෙරිණි. 

ජගත් සාගර දිනයට සමගාමීව කළුතර නගරයට නුදුරු වෙරළ තීරයට යාබද ස්ථානයක කඩොලාන සහ වෙරළ ආශ්‍රිත ශාක පැල තවානක් විවෘත විය.

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර, සාමාන්‍යාධිකාරී ආචාර්ය ටෝනි ප්‍රදීප් කුමාර සහ ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්ම මහත්මීන් එක්ව මෙම කඩොලාන පැල තවාන විවෘත කළහ.

 

ජගත් සාගර දිනය -2020 විද්වත් කථිකාව කළුතර, වස්කඩුව ටැංජරීන් හෝටලයේදී ආරම්භ වුයේ ඉන් අනතුරුවය.

 

කොවිඩ්-19 වසංගතයට අදාලව රජයේ සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් පැවැත්වුණු මෙම විද්වත් හමුව දුරස්ථභාවය ආරක්ෂාවන අයුරින් සංවිධානය කර තිබීම කැපී පෙනිණි.

 

 

මෙම විද්වත් කථිකාවට එක්වු සාගර පාරසරික විශේෂඥයන්ගේ දත්ත අනුව මාර්ග, ගංගා, ඇල මාර්ග සහ සාගරයට සියයට 40ක් පමණ  නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුවේ. වෙරළ දුෂණයෙන් සියයට 95කටම බලපා ඇත්තේ මෙසේ බැහැරකරන ඝන අපද්‍රව්‍යයයි. 

ඉන් සියයට 98% කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වන  අතර පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය සමස්තයෙන් සියයට 60% ක් බව විද්වත්හු පෙන්වාදෙති. 

ඒ හාල්මැස්සන්, කරවල ඇතුළු මතස්‍යයන් වියළීමේ කර්මාන්තය, වාණිජ හා ධීවර වරායන් ඔස්සේ අපජලය බැහැර කිරීම හරහා සිදුවන දූෂණය පිළිබදව කථිකාව සැලකිල්ලට නොගෙනය. 

මෙම විද්වත් සාකච්ඡාවට වෙරළ සහ සාගර පරිසර පද්ධතියට අදාලව අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර දූෂණය පාලනය, ශ්‍රි ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබදව කටයුතු කරන නියෝජිත ආයතන ප්‍රධානීන් පනස් දෙනෙක් පමණ සහභාගිවී සිටියහ. 


ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් උපුටා ගැනීම් පහත දැක්වේ.

නීල ආර්ථිකයක් වෙනුවෙන් ජගත් සාගර දිනයේ අප තබන මේ පියවර ඉතා දිගු පියවරක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. ඇත්තෙන්ම රටක් ලෙස ශ්‍රි ලංකාව සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ අභියෝගයට මුහුණ දී සිටිනවා යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය පෙන්වා දුන්නාය. 

අනතුරුව අදහස් පළ කරනු ලැබුවේ පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ මහතාය. ගල්කිස්ස වෙරළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, වැලි සේදීයාම පිළිබදව අදහස් පළ කළ සරත් විජේසිංහ මහතා, ජනමාධ්‍ය මෙවැනි අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනවාක් මෙන්ම සාගර පරිසරය රැක ගැනීම උදෙසා ජනතාව පෙළ ගැස්සවීමද කළ යුතුයැයි පෙන්වා දුන්නේය.

ශ්රි ලංකාව තවමත් සමුද්රීය දූෂණයට අදාලව ලොව පෙළගැස්සීම්වල පස්වැනි ස්ථානයේ පසුවීම කණගාටුවට කරුණක් බවත් රටේ අනාගත දු දරුවන් වෙනුවෙන් සමුද්රීය පරිසරය රැක ගැනීමේ අභියෝගය පවතින බවත් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්යාධිකාරි ආචාර්ය ටෝනි ප්රදීප් කුමාර පැවැසීය. 

මහාචාර්ය සරත් කොටගම මහතා අන්තර්ජාල සජීවීකරණය ඔස්සේ මෙම විද්වත් කථිකාවට එක්වුයේය. ශ්‍රි ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගත යුතු ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවල ඇල්ම බැල්ම මද බව හෙතම කීවේය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ ප්‍රදේශ රට තුළ වෙනම හදුන්වාදීම අත්‍යවශ්‍ය බව මහාචාර්ය සරත් කොටගම මහතා පෙන්වා දුන්නේය.

සාගර මත පදනම් වූ පුනර්ජනනීය බලශක්ති අංශ සංවර්ධනය සඳහා ස්වාභාවික සම්පත් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම

සාගරය පදනම් වු  පුනර්ජනනීය බලශක්ති අංශයේ සංවර්ධනය හා නිල් ආර්ථිකය සඳහා වූ සංයෝජනය පිළිබඳව අදහස් දක්වමින් 

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා අවධාරණය කළේ සිය අධිකාරියේ මෙහෙවරේ කොටසක් ලෙස ස්වාභාවික සම්පත් හඳුනාගෙන සංවර්ධනය කිරීම, බලශක්ති සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සහ බලශක්ති කාර්යක්ෂම ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම එහි විෂය පථයට අයත් බවයි.

තරංග බලශක්ති උත්පාදක යන්ත‍්‍ර හරහා  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරි මාවත, නව්‍ය තාක්‍ෂණයේ යෝග්‍යතාවය සහ තිරසාරභාවය පිළිබඳ පර්යේෂණ කිරීම අවශ්‍ය බව කී සේපාල මහතා සාගර තාප ජනක යන්ත්‍ර ත්‍රිකුණාමලයේ සහ විශ්ව විද්‍යාලවල පර්යේෂණ අවශ්‍යතා සපුරමින් තිබීම ගැන සිහිපත් කළේය. 

සමුද්‍රීය පරිසරයට සාගර පාදක දැනුම හා ධාරිතා සංවර්ධනය රැගෙන ඒම 

තිරසාර බව සහතික කිරීම සඳහා සාගර පාදක නිල් ආර්ථිකය සහ දැනුම පදනම් කරගත් සංවර්ධනය යන මාතෘකාව පිළිබඳව රුහුණු  විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පැහැදිලි කළේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන විසින් ධීවර, ජීව විද්‍යාව හා ජලජීවී වගාව, වෙරළබඩ පරිසරය සහ පාරිසරික රසායන විද්‍යාව පිළිබඳව  නිශ්චිත තොරතුරු සහ පාඨමාලා ලබා දී ඇති බව හෙතම පැවැසීය.

විදෙස් ආයතන සමග එක්ව කාලගුණ හා වෙනත් දත්ත එක්රැස් කරන සිය පර්යේෂණ ආයතනය හරහා ධීවරයින්ට මත්ස්‍ය රටාවන් පිළිබඳ දත්ත සැපයීමට සහ ඔවුන්ගේ මසුන් ඇල්ලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට විශ්ව විද්‍යාලය සැබවින්ම සන්නද්ධව සිටින බව අමරසේන සඳහන් කළේය. 

පාරිසරික ප්රතිපත්තිය, භාවිතාව සහ පාලනය සීමා කිරීම


සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මාසයකට පෙර පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම සහතික කිරීම සඳහා පෞද්ගලික හා රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ ඩිමල් ප්‍රනාන්දු මහතා පැහැදිලි කළේය.

ආරම්භයේ සිට ඝන අපද්‍රව්‍ය බැහැර කරන තෙක් කළමනාකරණය කිරීම සඳහා කාලසටහනක් පදනම් කරගත් කළමනාකරණ බලපත්‍රයක් ලබා දිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. 

පරිසර අධීක්ෂණ පද්ධතියේ වර්තමාන ව්‍යුහයට හඩක් නැති බව  ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පාරිසරික බලපෑම් මත පදනම්වන ක්‍රියාකාරකම්  මැදිහත්වීමේ මට්ටම් අනුව සීමා වේ. පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ පිළිබදව පශ්චාත් අධීක්ෂණයේ හිඩැස් පවතී. ඒ නිසා අධීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කළ යුතුවේ.

පාංශු කළමනාකරණය පිළිබඳ වගකීම ප්‍රාථමික අධිකාරිය ලෙස මහ නගර සභාව සතු වන අතර, පළාත් පාලන ආයතන 137 ක් කොම්පෝස්ට් අපද්‍රව්‍ය කළමනාකරණය සාමාන්‍ය සිරිතක් ලෙස යාවත්කාලීන කරමින් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.


පර්යේෂණ සඳහා අවශ්‍යතාවය වෙන්කර ගැනීම 

අනාගත සාගර පාදක ආර්ථිකයක් සඳහා පර්යේෂණ හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) ඔවුන්ගේ කාර්ය භාරය පැහැදිලි කළේය.

මසුන් ගැවසෙන ස්ථාන  චන්ද්‍රිකා  දත්ත තබා ගැනීමේ වගකීම දරන එකම ආයතනයද ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය බව එම පැහැදිලි කිරීමේදී සදහන් විය.

සමුද්‍ර ජීවීන් පිළිබඳව, විශේෂයෙන් ආක්‍රමණික විශේෂයන් පිළිබඳව පර්යේෂණ අවශ්‍ය බව නාරා නියෝජිතයා පැහැදිලිව කියා සිටියේය.

නිල් කාබන් වැදගත්කම සේම විශේෂයෙන් නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා කඩොලාන ප්‍රදේශය අවධාරණය සිහිපත් කෙරිණි.


පොලිස් පාරිසරික අංශයේ දායකත්වය

බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයයෙකු  පොලිසියේ  පාරසරික ප්‍රතිපත්ති පිළිබදව තොරතුරු  විද්වත් කථිකාවට කළේය. 

පොලිස් පරිසර ඒකකය, පරිසරය හා සම්බන්ධ ගැටළු පිළිබඳ කුතුහලයක් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ කෙටි විස්තරයක් හෙතම ඉදිරිපත් කළේය. 

කසළ එකතු කිරීම සහ පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට රජයට සහාය වීම ඔවුන්ගේ කාර්යභාරයයි.

මෙම විද්වත් කථිකාව මගින් රජයේ පරිසර ප්‍රතිපත්තිය, සාගර පදනම් කරගත් පුනර්ජනනීය බලශක්ති අංශයේ සංවර්ධනය සහ නීල  ආර්ථිකය, වෙරළබඩ හා සමුද්‍රීය සංචාරක අපේක්ෂාවන්, වෙරළබඩ හා සමුද්‍ර ජලජීවී වගාව සංවර්ධනය කිරීමේ අවස්ථාවන් ඇතුළු සංවාද ක්ෂේත්‍ර ගණනාවක් විය. 

ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය ද අප්‍රිකාව සහ ශ්‍රි ලංකාවේ දේශගුණ විපර්යාසවලට අදාලව ස්ලයිකැන් භාරය දැනට සිදු කරන ව්‍යාපෘති හා අනාගත වැඩසටහන් පිළිබදව හැදින්වීමක් කළාය. 

සාගර පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපතී රැසකට ස්ලයිකැන්භාරය ලබාදෙන දායකත්වය එහිදී කැපී පෙණිනි. 

ශ්‍රී ලංකා නාවික හමුදාව, රේගු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ මෙම විද්වත් කථිකාවට ඔවුන්ගේ ආයතන සැබැදි තොරතුරු ඌණ පුර්ණය කළහ.


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.