මහවැලි සංවර්ධනහා පරිසර අමාත්යංශය සංවිධානය කරන සියලුම වැඩමුළු,සම්මන්ත්රණ සහ රැස්වීම් සදහා සංග්රහකිරීමේදී විවිධත්වයෙන් යුතු නිර්මාංශ ආහාර පමණක් යොදා ගන්නැයි සියලුම අංශ ප්රධානීන්ට අමාත්යංශ ලේකම් අනුර දිසානායක මහතා දන්වා තිබේ.
පරිසර දුෂණය අවම කිරීම, පරිසර සංරක්ෂණය හා තිරසරකළමණාකරණයට වගකිව යුතු නියමු ආයතනයක් ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මෙමපියවර ගෙන ඇත.
"තිරසාරපරිභෝජන රටාව ක්‍රියාවට නැංවීම සෑම පුද්ගලයෙකුගෙම වගකීමක්. අපි තනි තනිව මේපිළිබදව දැනුවත් භාවයෙන් යුතුව තීන්දුගන්නේ නම් මුළු මහත් ලෝකයම ධනාත්මක වෙනසක්සදහා එය මුල පිරීමක් වෙනවා. වගකීම් සහගත පරිභෝජනය මුලික වශයෙන් හරිතාගාර වායුවිමෝචනය අඩු කරනවා. අනෙක් අතට වායු ගෝලයට මිශ්‍රවන කාබන් ප්‍රතිශතය අඩුකරනවා.
මහවැලි සංවර්ධනහා පරිසර අමාත්‍යංශය මෙසේ තිරසර පරිභෝජනය සම්බන්ධයෙන් ආදර්ශමත් හා ප්‍රායෝගිකවැදගත්කමින් අනූන පියවරක් තැබීම එක් අතකින් කාලගුණ විපර්යාස අවම කිරීමට දායකවීමක්අනෙක් අතට තිරසර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ තිරසර ජීවන රටාවක ප්‍රතිලාභ රටටසහ ලෝකයට ළගා කරදීමට පෙරමුණ ගන්නවා යැයි අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතාපැවැසීය.
කාබන්පියසටහන සහ පරිසර දුෂණය අවම කිරීම සදහා කළ හැකි මුලික පියවරක් ලෙස පරිසර අමාත්‍යංශයතුළින්ම මෙම වැඩසටහන ආරම්භ කිරීම කාලෝචිත වු බවද හෙතම සදහන් කළේය.
අදාලතීරණය අනුව වැඩසටහන් අතරතුර ප්ලාස්ටික් වතුර බෝතල් ලබාදීමද නොකළ යුතුය. වතුර බෝතල්සදහා වු අවශ්‍යතාවට වෙනත් සුදුසු විකල්පයක් යොදා ගැනීම සුදුසුයැයි ලේකම්වරයා දන්වාඇත.
අභ්‍යන්තරමෙමෝ පත්‍රයකින් අදාල සියලුම අතිරේක ලේකම්වරුන්ට දැනටමත් මේ බව දන්වා තිබේ.
Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.