පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා SLYCAN Trust දායකත්වය

April 22, 2021


කඩොලාන යනු කෙත‍රම් සුවිශේෂි ශාක ප්‍රජාවක් ද, කෙතරම් ජෛව විවිධත්වයෙන් අනූන ශාක ප්‍රජාවක් ද වැනි කරුණු පිළිබඳ ව මිට ඉහත අපගේ වර්තා වලින් මනාව පෙන්වා දි ඇත. කඩොලාන පරිසර පද්ධතියේ ඇති මෙම වැදගත්කම නිසාවෙන්ම SLYCAN Trust ආයතනය මගින් ව්‍යාපෘතින් කිහිපයක්ම කඩොලාන ප්‍රතිස්ථාපනය සහ සංරක්ෂණය කෙරෙහි ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන යයි. කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනයට සහ සංරක්ෂණයට ගන්නා උත්සහ‍යේ එක් වැයමක් ලෙස SLYCAN Trust ආයතනය පුත්තලම දිස්ත්‍රික්කයේ ජෛව  විවිධත්වය ආරක්ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාස වලට අනුහුරු වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මුලික පියවරයන් කිහිපයකින් සමන්විත වන අතර එම මුලික පියවරයන් පහත දැක්වේ.


  • කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථාන තෝරාගැනීම.
  • ප්‍රදේශයේ සමාජ කණ්ඩායම් වල සහභාගිත්වය ලබා ගැනීම සහ ඔවුන්ගේ ධාරිතා වර්ධනය කිරිමේ වැඩසටහන් පැවැත්වීම.
  • පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන වල කඩොලාන ආරක්ෂා කිරීම.
  • ප්‍රජාව තුල වෙරළාශ්‍රිත ජිවනෝපාය ක්‍රම හරහා කඩොලාන සංරක්ෂණය පිලිබඳ ධාරිතා වර්ධනය කිරිම. 
  • ව්‍යාපෘති ක්‍රියාකරකම් වල තිරසාර බව පිළිබඳ පසු විපරමක් සිදු කිරිම.
  • කඩොලාන සංරක්ෂණය සම්බන්ධ දැනුම සහ අවබෝධය වැඩිදුර පුළුල් කිරීම හා ප්‍රචාරණය කිරීම.
  • කඩොලාන පරිසරය හා අදාළ ප්‍රදේශ වල ජන ජිවිතයට බලපාන කසල කළමනාකරණ ක්‍රම පිළිබඳ විමසා බැලීම.


මෙම පියවරයන් යටතේ පවතින මූලිකම අංගයක් වන කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට සුදුසු ස්ථාන තෝරා ගැනිම සඳහා, පසුගිය අප්‍රේල් 08 වෙනි දින SLYCAN Trust පර්යේෂණ කණ්ඩායමක්  පුත්තලම දිස්ත්‍රික්කයට ගමන් කළේය. මෙහි මූලිකම අරමුණ බවට පත් වුයේ එම ප්‍රදේශයේ අදාළ රජයේ සහ සමාජීය කණ්ඩායම් සමග සාකච්ජා කිරීම, අවශ්‍ය අවසරයන් ලබා ගැනිම, ක්ශේත්‍ර පරික්ෂණ සිදුකොට කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා සුදුසු ස්ථාන නිරික්ෂණය සහ එම ස්ථාන වල පස් සාම්පල ලබා ගැනිමයි.    


ප්‍රථමයෙන්ම SLYCAN Trust කණ්ඩායම ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ පිරිසක් සමග මුන්දලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ජා පැවැත්වූහ. එම සාකච්ජාවට මුන්දලම සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, අචාර්ය මනෝජ් ප්‍රසන්න මහතා, ප්‍රදේශයේ සමුද්‍රිය පාරිසරික ආරක්ෂක අධිකාරි‍ය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.  එම සාකච්ජාවේදි කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා සුදුසු භුමි ප්‍රදේශයන් තෝරා ගැනිම, ප්‍රතිස්ථාපනයෙන් පසු කඩොලාන නොනැසි පවතින පරිදි ආරක්ෂා කර ගැනිමට ගත හැකි පියවරයන් ආදී බොහෝ කරුණු සාකච්ජාවට ලක්විය. 




එම සාකච්ජාවෙන් පසු SLYCAN Trust පර්යේෂණ කණ්ඩායම ආචාර්ය මනෝජ් ප්‍රසන්න මහතා සමඟ කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා ස්ථාන නිරික්ෂණය කළ අතර එහිදී එම එක් එක් ස්ථාන වලදී පස් සාම්පල ද ලබා ගන්නා ලදී. මෙම ලබාගත් පස් සාම්පල පසේ pH අගය, ලවණතාව සහ පසේ කාබනික කාබන් අන්තර්ගතය තිරණය කිරිම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම තෝරා ගත් ස්ථාන කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා කෙතරම් දුරකට යෝග්‍යද යන්න පිළිබඳව ජෛව විවිධත්ව තක්සේරුවක් ක්‍රියාවලියක් ආචාර්ය මනෝජ් ප්‍රසන්න මහතාගේ මුලිකත්වයෙන් සිදුවන අතර එහිදී ලැබෙන වාර්තාවේ නිගමනයන්ට අනුව ඉදිරි පියවරයන් ගැනිමට  SLYCAN Trust ආයතනය අපේක්ෂා කරයි.




කාබනික කාබන් තිර කර ගැනිම මගින් දේශගුණික විපර්යාස අවම කර ගැනිම සඳහා සුවිශේෂි දායකත්වයක් සපයන මෙම කඩෙලාන ශාක ප්‍රජාව ප්‍රතිස්ථාපනය මෙන්ම සංරක්ෂණය වෙනුවෙන් SLYCAN Trust ආයතනය අඛණ්ඩ උත්සහයක නිරත වනු ලබයි. ඒ වෙනුවෙන් මෙම පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන ජෛව  විවිධත්වය ආරක්ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාස වලට අනුහුරු වීමේ ව්‍යාපෘතිය මහත් රුකුලක් වනු ඇතැයි SLYCAN Trust ආයතනය අපේක්ෂා කරයි!   





Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.