ශ්‍රී ලංකාවේ දේශගුණික සහ ආපදා අවදානම මූල්‍යකරණය පිළිබඳ SLYCAN Trust ආයතනය පැවැත්වූ සංවාදය.

April 28, 2021

‍ 

ශ්‍රි ලංකාවේ දේශගුණික සහ ආපදා අවදානම් මූල්‍යකරණය හා අවදානම් හුවමාරුව පිළිබඳ සැසියක් 2021 අප්‍රේල් 28 වන දින SLYCAN Trust ආයතනය මගින් ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙම සැසියේදී  SLYCAN Trust ආයතනයෙහි නවතම කාර්ය සාධන පත්‍රිකාව වන, "නව සහභාගිත්වයන් සහ ප්‍රවිශ්ඨ විමේ යාන්ත්‍රණයන් මගින් ශ්‍රි ලංකාවේ දේශගුණික සහ ආපදා අවදානම ආමන්ත්‍රණය කිරීම" එළිදැක්වූ අතර, එය SLYCAN Trust දැනුම් කේන්ද්‍රය ඔස්සේ ඵල වේ.    


සැසිය අමතමින් SLYCAN Trust ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය පැවසුවේ, මෙම සැසිය රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ගෝලිය හවුල්කාරිත්වය සමග සම්බන්ධව පවත්වන බවත් එහි මූලිකම අරමුණ බවට පත් වන්නේ, කෘෂි බෝග රක්ශණය මගින් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම බවය. දේශගුණික ආපදා අවදානම් කළමනාකරණය සහ ආපදා අවදානම් හුවමාරුව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඇය තවදුරටත් පවසා සිටියේ පවත්නා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීමට සහ නව විකල්ප‍යන් හඳුන්වා දීමට මෙම බහු පාර්ශවයන්ගේ හවුල්කාරිත්වය ඉතාමත් වැදගත් වන බවය. 


ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය රවී ප්‍රනාන්දු මහතා සැසියේදී කරුණු ගෙනහැර දැක්වූයේ, ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයක් සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි උපායමාර්ගිකව ප්‍රමුඛතාවය දිය යුතු බවය. රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ගෝලිය හවුල්කාරිත්ව මණ්ඩලයේ උපදේශක Kay Tuschen මහතා, ඒකාබද්ධ G20 සහ V20 මුලපිරිම් පිළිබඳ අදහස් දක්වමින් සංවාදයට වටිනා දායකත්වයක් එක් කළ අතර, රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ගෝලිය හවුල්කාරිත්වය යටතේ දේශගුණික අවදානම් හුවමාරුවට සහ මුල්‍යකරණයට ඇති යාන්ත්‍රණයන් පිළිබඳව තවදුරටත්  කරුණු දක්වන ලදී.    


මෙහිදි කාර්ය සාධන පත්‍රිකාව එළිදැක්වීමේ අවස්ථාවේ දී SLYCAN Trust ආයතනයේ පර්යේෂණ අංශයෙහි අධ්‍යක්ෂක Dennis Mombauer මහතා පැවසූවේ, මෙම කාර්ය සාධන පත්‍රිකාව එළිදැක්විමට හැකිවූයේ අදාළ තේමාත්මක ක්ෂේත්‍රයන්හී ප්‍රධාන පාර්ශව සමඟ පවත්වන ලද ගැඹුරු වැඩමුළුවල ප්‍රතිඵලයක් ලෙසින් බවය. මීට ඉහත පැවැත්වූ වැඩමුළුවලට සහභාගි වූ ක්ශේත්‍රයේ විද්වත් පිරිස් සහ පැමිණි පිරිස් දැක්වූ වටිනා අදහස්, තොරතුරු සහ යෝජනා මෙම කාර්ය සාධන පත්‍රිකාවට ඇතුළත් කර ඇති බව හෙතෙම පැවසුවේය. මෙම කාර්ය සාධන පත්‍රිකාව හරහා මතුවන දැනුම කේන්ද්‍ර කරගනිමින්, ශ්‍රි ලංකාවේ දේශගුණික විපර්යාසන් පිළිබඳ සිදුවන ව්‍යාපෘති සමඟ සම්බන්ධව කටයුතු කිරිම අරමුණ වන බවය හෙතෙම තවදුරටත් පැවසුවේය.


මූල්‍ය, කෘෂිකාර්මික සහ සංවර්ධන අංශ නියෝජනය කරමින් විවිධක්ශේත්‍ර යටතේ පාර්ශවකරුවන් රාශියක් මෙම සැසියට සහභාගී වූහ. “දේශගුණික හා ආපදා අවදානම් මූල්‍යකරණය සහ රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ගෝලිය හවුල්කාරිත්වය" යන ව්‍යාපෘතිය යටතේ මෙම සැසිය පවත්වන ලද අතර, එය ජර්මානු ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යංශයේ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ දේශීය හවුල්කරුවෙකු ලෙස Chrysalis ආයතනය සමඟ එක්ව SLYCAN Trust ආයතනය ක්‍රියාත්මක කරනු ලැබේ.       


නිමි.



 





Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.