SLYCAN Trust ආයතනය මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සමඟ එක්ව,  දේශගුණික අවදානම් හුවමාරුව සහ අනුවර්තනය විම සඳහා අදාළ  ආවදානම් මුල්‍යකරණය පිළිබඳ පැවැත්වු ජාතික සංවාදය.

March 27, 2021

SLYCAN Trust ආයතනය මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සමඟ එක්ව 2021 මාර්තු 24 වන දින දේශගුණික අවදානම් හුවමාරුව සහ ආවදානම් මුල්‍යකරණය පිළිබඳ පැවැත්වු ජාතික සංවාදයක් සංවිධානය කරන ලදී. මෙම සංවාදයට සමගාමිව මේ සතිය මුලදී ද SLYCAN Trust ආයතනය මගින් දේශිය කෘෂිකාර්මික අංශයේ දේශගුණික සහ ආපදා අවදානම් කළමණාකරනය පිළිබඳ ජාතික සංවාදයක් පවත්වනු ලැබිය. මෙම අවස්ථාවට මූල්‍ය, කෘෂිකාර්මික, තිරසාර සංවර්ධන, දේශගුණික විපර්යාස සහ ආපදා කළමනාකරණය පිළිබඳ රජයේ දෙපාර්තමේන්තු වල ප්‍රධාන නිලධාරීන් මෙන්ම බැංකු හා රක්ෂණ අංශය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, ශාස්ත්‍රාලීය සහ වෙනත් අංශ නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය. 

මෙම සංවාදයේ පරමාර්ථය බවට පත්වුයේ අදාළ අංශවල විශේෂඥ පිරිස එකම වේදිකාවකට ගෙන පෙර පැවති සංවාදයේ ගොඩනැගුණු මුලික අදහස්, යෝජනා සහ කරුණු මත නිගමනයන්ට පැමිණිම සහ පවත්නා දේශගුණික අවදානම් මූල්‍යකරණ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාස වල බලපෑම්වලට නිරාවරණය වන අංශවල දේශගුණික අවදානම විසඳීම සඳහා නව අවදානම් මූල්‍යකරණ මෙවලම් යෝජනා කිරීමයි. 

මෙම අවස්ථාවට සහභාගි වෙමින් ජනමාධ්‍ය අමත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ දේශගුණික විපර්යාසයන්ගෙන් සිදුවන හානිවලින් මිදිමට සහ දේශගුණික විපර්යාස වලින් ගොවි ජනතාවගේ සුරක්‍ෂිතතාවය සහතික කිරිමට ගන්නා සාමුහික ප්‍රයත්නය තුළ විවිධ අංශවල මැදිහත් විම අවශ්‍ය බවයි. මිට අමතරව එතුමා පැවසුවේ දේශගුණික අවදානම විසඳීම සඳහා රටක අවදානම් කළමනාකරණය සහ අවදානම් හුවමාරු යාන්ත්‍රණයන් ප්‍රශස්ත මට්ටමක ක්‍රියාත්මක විය යුතු බවයි. තවදුරටත් අදහස් දැක්වු එතුමා පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වශයෙන්, දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම බෙදා හැරීම සඳහා සහ මෙවැනි සංවාද අඛණ්ඩව කරගෙන යාම සඳහා විශාල වගකීමක් ඇති බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක මිලින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවේ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම හා ඊට දායක වීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බවයි. තවදුරටත් ඔහු පැවසුවේ දේශගුණික විපර්යාස රටේ සංවර්ධනයට බාධා කරමින් සෘජු හා වක්‍ර බලපෑම් ඇති කරන බවයි.  මෙම සංවාදය අනෙකුත් පාර්ශවකරුවන් වෙත ගෙනයාමට සහ අවදානමට ලක්විය හැකි අංශවලට සන්නිවේදනය කිරිමට SLYCAN Trust ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන සතුටු වන බව හෙතෙම පැවසිය. 

ශ්‍රී ලංකාවේ පවත්නා අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයන්, දේශගුණික ඒකාබද්ධ ප්‍රතිපත්ති සහ ඒවාට අනුවර්තනය වීමේ ප්‍රයත්නයන් පිළිබඳව මෙම සංවාදයේදි වැඩි අවධානය යොමු විය. දේශගුණික විපර්යාසයන්ගෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සංවර්ධනය, ඔවුන් කෙරෙහි ඇති අහිතකර බලපෑම් අවම කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවිම සඳහා නිසි මුල්‍යකරණ ක්‍රමවේදයන් සහ පවත්නා මුල්‍ය යන්ත්‍රණයන් වැඩිදියුණු කිරිම පිළිබඳව ක්ශේත්‍රයේ විශේෂඥ පිරිස සමඟ මෙම සංවාදයේදි සාකච්ඡා පවත්වන ලදී.

SLYCAN Trust විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය මෙම සංවාදයේදි පැවසුවේ, දේශගුණික සහ ආපදා අවදානමට අනුවර්තනය විමේ හැකියාව ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශවයන්ගේ දායකත්වය අවශ්‍ය බවයි. තවදුරටත් ඇය පවසා සිටියේ විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගත් දත්ත සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින් දේශගුණික අවදානම පිළිබඳ ප්‍රතිපත්ති සකස් කළ යුතු බවයි. මිට අමතරව රජයේ ආයතන සමඟ එක්ව ජාතික හා ගෝලීය මට්ටමින් දේශගුණික අවදානම පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සඳහා සහ ඒ සඳහා ඔරොත්තු දීමේ ක්‍රියාවලිය ඉහළ නැංවීමට වේදිකාවක් ස්ථාපිත කිරීම SLYCAN Trust ආයතනයේ අරමුණ වු බව තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියාය.


ගෝලීය වශයෙන් ක්‍රියාවට නංවා ඇති දේශගුණික අවදානම් මූල්‍ය ක්‍රමෝපායන්, ඒවායේ භාවිතයන් සහ අත්දැකිම් හුවමාරු කර ගැනිම සඳහා මෙම සංවාදයට ජාත්‍යන්තර විශේෂඥයන් ද සම්බන්ධ විය.


රක්ෂණ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාවය (Insuresilience Global Partnership)  යටතේ ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අමාත්‍යාංශයේ සහාය ඇතිව සිදුකරන ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම ජාතික සංවාදය ශ්‍රි ලංකාවේ දේශීය හවුල්කරුවෙකු වන Chrysalis ආයතනය සමඟ එක්ව SLYCAN Trust ආයතනය සංවිධානය කරන ලදී. 

නිමි


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.