ස්ලයිකැන් සංවිධානයෙන් ලෝක කඩොලාන දිනය-2020 දික්ඔවිටදි සැමරෙයි

August 4, 2020

ලෝක කඩොලාන දිනය පසුගිය 26 වැනිදාට යෙදී තිබිණි.කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ අන්තර්ජාතික දිනය ලෙසද හදුන්වන මෙම දිනයට සමගාමීජාතික වැඩසටහනක් දික්ඕවිට කඩොලාන පරිසර පද්ධතිය කෙන්ද්‍ර කරගනිමින් පසුගිය 31වැනිදා පැවැත්විණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන්පැවැති මෙම වැඩසටහන නීල-හරිත ආරක්ෂකයෝ ව්‍යාපෘතිය යටතේ ස්ලයිකැන් භාරය සංවිධානයෙන්,මිට්සුබිෂි කොපරේෂන් සහයෝගිතාව ඇතිව වත්තල ප්‍රාදේශිය සභාවේ හා දික්ඕවිට ප්‍රදේශයේධීවර ප්‍රජාවගේ දායකත්වය ඇතිව සංවිධානය වී තිබිණි.

දික්ඕවිට කඩොලාන පරිසර පද්ධතියට කසල කළමනාකරණසැලැස්මක් ක්‍රියාත්මක කිරීම, එම පරිසර පද්ධතිය බෝට්ටු යොදාගනිමින් පිරිසිදුකිරීම, කැළිකසල පැමිණීම වැළැක්වීම සදහා දැල් යෙදීම සහ නිවසෙන් බැහැරකරන කසල වෙන්කර ගැනීමට කසල බදුන් බෙදා හැරීම මෙම ව්‍යාපෘතියට අදාල වේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමාන්‍යාධිකාරිආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙම අවස්ථාවට සහභාගිවෙමින් ලෝක කඩොලාන දිනයටසමගාමීව දික්ඕවිට කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතියකට යොමුවීමපිළිබදව අදහස් පළ කළේය.

කඩොලාන වනාන්තර කියන්නෙ ලෝකයේ අද්විතීය පරිසරපද්ධතියක්. දේශගුණ විපර්යාසවලට එරෙහිව සටන් කිරීම දක්වා කඩොලාන වලින් මිහිතලයටසිදුවන සේවය සුවිශේෂීයි. ඒ නිසා මෙම පරිසර පද්ධතිය රැකගන්නා ගමන් ඒ අවට ජීවත්වනමෙම ජනතාවට කඩොලාන ආශ්‍රිත ජීවිකාවන් සකස් කර දීම වැදගත්යැයි අප කල්පනා කළා යැයි සමාන්‍යාධිකාරීආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිදර්ශනී ලහදපුර මහත්මිය අදහස් පළකරමින් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදිය හැකි හොදමදෑවැද්ද කුමක්දැයි පැමිණ සිටි පිරිසෙන් ප්‍රශ්න කළාය. සියලු දෙනා දරුවන්ගේ අනාගතයගැන කල්පනා කරනවා. ඔවුන්ට දිය හැකි හොදම දෑවැද්ද සුරක්ෂිත පරිසරයක් බව හොදින් මතකතබාගන්න යැයි ඇය පැවසුවාය.

දික්ඕවිට කඩොලාන පරිසර පද්ධතිය තෝරා ගනිමින් ඉටුකරන මෙහෙවර සම්බන්ධයෙන් වත්තල ප්‍රාදේශිය සභාවේ ප්‍රණාමය ස්ලයිකැන් භාරයට හිමිවනබව වත්තල ප්‍රාදේශිය සභා ලේකම් වසන්ති වික්‍රමරත්න මහත්මිය පැවැසුවාය.  

අප ප්‍රාදේශිය බල ප්‍රදේශයේ පවතින දික්ඕවිටකඩොලාන පරිසර පද්ධතිය රැකගැනීම වෙනුවෙන් අපටත් වඩා උනන්දුවෙන් සොයා බලා, ඒවෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ස්ලයිකැන් භාරය ආයතනයට අපගේ ස්තුති ප්‍රණාමයමේ මොහොතේ පුද කරනවා. ඒ වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියත් සම්බන්ධවෙමින් ක්‍රියාත්මකකරන මෙම ව්‍යාපෘතියට වත්තල ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු සමස්ත ප්‍රාදේශිය සභාවේසහය ලබාදෙනවා යැයි වත්තල ප්‍රාදේශිය සභා ලේකම් වසන්ති වික්‍රමරත්න මහත්මියපැවැසුවාය.  

ස්ලයිකැන් භාරය වෙනුවෙන් විධායක අධ්‍යක්ෂිකානීතිඥ වොසිතා විජේනායක මහත්මිය අදහස් පළ කරමින් දික්ඕවිට කඩොලාන පරිසර පද්ධතියරැකගැනීම උදෙස නීල හරිත ආරක්ෂකයෝ ව්‍යාපෘතිය යටතේ, මිට්සුබිෂි කෝපරේෂන් සහයෝගිතාවෙන්,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් පවත්වාගෙන යන මෙම වැඩසටහනට වත්තල ප්‍රාදේශියසභාව හා ප්‍රජා මණ්ඩල ලබාදෙන ලබාදෙන සහය පිළිබදව ස්තුති කළාය.

කසළ කලමනාකරණයේ මුලික පියවරක් ලෙස දික්ඕවිටකඩොලාන පරිසර පද්ධතියේ කැළි කසල හා ඇල්ගී ඉවත් කිරීම, පරිසර පද්ධතිය පිරිසිදුකිරීම, නිවෙස්වලින් බැහැර කරන කසල වෙනුවෙන් බදුන් බෙදා දීම සහ කඩොලාන ප්‍රතිස්ථාපනයකිරීම සිදුවිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජසම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුව, වනජීවිසංරක්ෂණ දෙපර්තමේන්තුව, ස්ලයිකැන් භාරය, මිට්සුබිෂි කෝපරේෂන්, වත්තල ප්‍රාදේශියසභාව සහ ප්‍රජා මණ්ඩල නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.