සමුද්ර තීරයේ දියුණුවට- ශ්රි ලංකාවේ කඩොලාන ප්රතිස්ථාපානය

නිවර්තන කලාපීය රටවල ගොඩබිම සහ මුහුද අතර භූමියේ අති විශේෂ පරිසර පද්ධතියක්තිබේ. ඒ වෙන කිසිවක් නොව කඩොලාන වනාන්තරයි. ලවණ මිශ්‍ර ජලයට අනුවර්තනය වෙමින් තෙත්බිම්වලහොදින් වැඩෙන කඩොලාන ශාක ශ්‍රි ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 118ක සමුද්‍ර තීරයන් සොබාමත්කරයි. පරිසර පද්ධතිය සමතුලිත කිරීමට කඩොලාන පරිසර පද්ධති විවිධාකාරයෙන් දායක වේ. එක්පැත්තකින් සත්ත්ව වර්ග රැසකට ස්වභාවික ආරක්ෂක නවාතැන්පොළවල් සකසා දෙන මෙම කඩොලාන වැස්ම,තවත් පැත්තකින් පරිසර සමුතුලිතතාව රැකීම සදහා දේශගුණ විපර්යාසයන්ට එරෙහිව සටන් වදියි.

 

කඩොලාන ආවරණයෙන් සැදුම්ලත්විශේෂිත පරිසර පද්ධතිය.

 

කඩොලාන වනාන්තර ඒ අවට පිහිටි වෙරළ තීරයන්ට අමතරව අවට ජීවත්වන මිනිසුන්ගේආරක්ෂකයෙකි. වෙරළ ඛාදනය වැළැක්වීමේ හරිත බාධකය ලෙස කටයුතු කරන කඩොලාන සුළි කුණාටු සමගවෙරළේ ගැටෙන උදම් රළ මෙන්ම සුනාමි වැනි ව්‍යවසන අවස්ථාවල ඊට එරෙහි එකම හරිත බාධකය ලෙසකටයුතු කරයි. පෘතුවියේ නිල් පෙණහැල්ල මෙන් වු කඩොලාන ශාක පද්ධතිය පරිසරයට මුදා හැරෙනකාබන් අනෙකුත් සාමාන්‍ය පරිසර පද්ධතින් හා සැසදීමේදී පස් ගුණයකින් පමණ අවශෝෂණය කිරීමවිශේෂත්වයකි. ජලයට බැදී තිබෙන කඩොලාන ශාක මුල් නිසා එම ශාක මියයෑමේදී වුවද පරිසරයටකාබන් මුදාහැරීමක් සිදුනොවේ. කඩොලාන ශාක මෙන් අනෙකුත් ශාක වලට පරිසරය තුළ එවැනි ස්වභාවිකවිහිදීයාමක් සිදු කළ නොහැකිය.  මෙම පරිසර පද්ධතියමත්ස්‍යයන්ට කුරුල්ලන්ට, උරගයන්ට සහ තවත් සත්ත්ව විශේෂ සහ ශාක වර්ග රැසකට හිතකර පරිසරයක්සලසා දෙන අතර මත්ස්‍යන්ට, ඇල්ගී ශාඛවලට, මුහුදු පැලෑටිවලට,කොරල්වලට,ලොකු කුඩා බෙල්ලන්ටසහ කකුළුවන්ට ආරක්ෂිත වාසස්ථාන සලසයි.මෙයට අමතරව කඩොලාන ශාක, කුරුල්ලන්ට, වවුලන්ට,කුහුඹුවන්ට,කබරයන්ට, දිය බලලුන්ට,කිඹුලන්ට සහ වදුරන්ට ඔවුන්ගේ අභිමතය පරිදි ජීවත්වියහැකි සුවදායි පරිසරයක් නිර්මාණය කර දෙයි.

 

තර්ජනයට ලක්ව ඇති සමුද්‍ර තීරය

 

සියල්ල දෙස විමසිලිමත්ව බැලුවිට කඩොලාන ශාක පද්ධතියක් ඔස්සේ පරිසරයටසිදුවන්නේ අත්‍යවශ්‍ය සේවාවකි. දේශගුණික විපර්යාසවලට විසදුමක් වනවා මෙන්ම අනුහුරුවීමවීම සහ ඔරොත්තුදීමද කඩොලාන ශාක ඔස්සේ සිදුවන්නකි. නමුත් එවැනි අත්‍යවශ්‍ය සේවාවක් පරිසරසමතුලිතාව වෙනුවෙන් සලසා දෙන කඩොලාන ශාක පද්ධතීන් අද වනවිට විනාශයට ලක්වී තිබේ. පසුගියවසර 30ක කාලය ගත්විට ශ්‍රි ලංකාවේ කඩොලාන ශාකවලින් සියයට 50ක් විනාශ ලක්වී ඇත. ඉස්සන්වගාව, හෝටල් හා නිකේතන ඉදිකිරීම, නිවාස තැනීම, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහපරිසර දුෂණය ඊට බලපා ඇති ප්‍රධාන කාරණාය. කඩොලාන කපා දැමීම හෝ විනාශ කිරීම නීතියෙන්තහනම් කරමින් කඩොලාන වනාන්තර ආරක්ෂා කිරීමට නෛතික බැදීමක් ඇතිකරගත් ලෝකයේ පළමු රට ශ්‍රීලංකාවයි. එසේ වුවද අභාග්‍යයට කරුණ නම් නෛතික නීතින් බලාත්මකවනවිටත් ශ්‍රි ලංකාවේ කඩොලානපද්ධතියෙන් සියයට 50ක් පමණ විනාශ වී තිබීමයි.

 

2010 වසරේ ශ්‍රි ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මෙරටකඩොලාන ව්‍යාප්තිය හෙක්ටයාර් 15670කි. එම කාලයේදීම අයි.යු.සී.එන් සංඝනනයේ ගණනය කිරීම්වලටඅනුව කඩොලාන ව්‍යාප්තිය හෙක්ටයාර් 12000ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මෙරට වැඩිවශයෙන්කඩොලාන පරිසර පද්ධතීන් පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලින්හමුවේ.  ඒ අතරින් ලංකාවට ආවේනික කඩොලාන ශාක20ක් පමණ හදුනාගෙන තිබෙන අතර ඒ මත මෙරටට ආවේනික විවිධ සත්ත්ව සහ ශාක පරිසර පද්ධති ජීවමානවෙයි.

 

කඩොලාන ආරක්ෂා කිරීම සහ රෝපණය.

 

කඩොලාන ප්‍රකෘතිමත් කිරීම සහ නැවත රෝපණය කිරීම ශ්‍රි ලංකාවේ අනාගතයවෙනුවෙන් අතිශය වැදගත්වන්නකි.  මුහුදු රළ ඉහළයාමේ තර්ජනයෙන් මෙන්ම කාලගුණ විපර්යාසවලින් සමෘද්‍රය ආසන්න ජනතාව ආරක්ෂා කිරීමට කඩොලානශාක පද්ධතීන්වටල හැකියාව තිබේ. වනජීවින්, ස්වභාවික සම්පත් මෙන්ම ජීවනෝපායන් ඇතුළු වටිනාකම්රැසක් ඒ හා බැදී තිබේ. කාබන් අවශෝෂණය කරමින් වායුගෝලයට ඔක්සිජන් මුදාහැරීමේ කාර්යටනිරන්තරයෙන් දායක වන කඩොලාන ශාක දේශගුණ විපර්යාසයන් අවම කිරීම හේතුවෙන් මෙහිපිට ජීවිසියලුදෙනාට කඩොලාන ශාකවල වැදගත්මක කියා නිම කළ නොහැකිය.

 

2004 වසරේ ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයට බලපෑ සුනාමි ව්‍යවසනයෙන්පසුව කඩොලාන ශාක පද්ධති මුහුණපා ඇති අනතුරුදායක තත්ත්වය පිළිබදව අන් කවරදාටත් වඩා දෑස්විවර වී තිබේ. මේ නිසා කඩොලාන නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් වැඩි අවධානයක්අදවනවිට යොමුව තිබීම විශේෂත්වයකි. මෙවැනි ව්‍යාපෘතිවලට යොමුවන්නන් සහ අනුග්‍රාහකයන්ඒ සම්බන්ධ තාක්ෂණික දැනුමකින් තොරව වෙරළාසන්නයේ ශාක  රෝපණයට සීමා වීම නිසා බලාපොරොත්තුවන සඵලතාවය සෑමව්‍යාපෘතියකම දක්නට නැත. අනෙක් අතට අදාල ව්‍යාපෘති සදහා වෙරළාසන්න සමුද්‍රිය ප්‍රජාවසම්බන්ධ කර නොගැනීමත් අවාසනාවන්ත තත්ත්වයකි.

 

2017 වසරේ වාර්තාවලට අනුව කඩොලාන නැවත රෝපණය කිරීම සදහා යොදාගත් හෙක්ටයාර්1000-1200ක භූමි ප්‍රමාණයෙන් ඵලදායීතාවක් පෙන්නුම්කර තිබෙන්නේ හෙක්ටයාර් 200-220ක භුමිප්‍රමාණයකය. වගුරු බිම් ආශ්‍රිත යළි රෝපණය කිරීමේ ව්‍යාපෘති බිම් 23කින් නවයකම කුඩාබීජ කිසිම ප්‍රතිඵලයකින් තොරව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි වාර්තා වේ. ඒ ඊට නුසුදුසුස්ථාන තෝරා ගැනීම, නොගැලපෙන ප්‍රභේද පැලකිරීමට යාම සහ පසුවිපරම් සුපරික්ෂාකාරිත්වයක්නොමැතිවීම වැනි කාරණා හේතුවෙනි. කඩොලාන ශාක නැවත රෝපණය කිරීමේ අත්දැකීම් අනුව පසුගියකාලය පුරාවට කඩොලාන සංරක්ෂණයට මුලපිරීමේදී ඇතිවන විවිධ වෙනස්කම් හදුනාගෙන තිබේ. ඒ අතරසාර්ථක ව්‍යාපෘති රැසක්ද වේ. ශ්‍රි ලංකාවේ කුඩා කර්මාන්ත ධීවරයන්ගේ එකමුතුව, රුහුණුවිශ්ව විද්‍යාලය ඇතුළු සංවිධානය හා ආයතන කිහිපයක් කඩොලාන යළි රෝපණය කිරීම සම්බන්ධයෙන්ධීවර ප්‍රජාව සමග දැනුම බෙදා ගනිමින් කටයුතු කරන සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

 

ප්‍රජා මුලික නීල හරිත අනාගතය

සමෘද්‍රාසන්න ජනතාවගේ සහභාගීත්වයකින් තොරව කඩොලාන ශාක පද්ධති නැවත ප්‍රතිස්ථාපනසිදු කිරීමට යාම ඵල රහිත වැඩකි. එමෙන්ම දේශගුණික විපර්යාස නිසා ඇතිවන දිලිදුකම සහ සංවර්ධනගැටලුත් මෙම තත්ත්වයේදී හදුනා ගැනීම වැදගත්ය. නීල හරිත ආරක්ෂකයෝ ව්‍යාපෘතිය ඔස්සේ ඉහතගැටලු හදුනාගෙන ඇති අතර වැඩි වශෙයෙන් සමෘද්‍රසන්න ජනතා සහභාගිත්වය ඇතිව ඔවුන්ට තිරසාරජීවනෝපායන් හදුන්වා දෙමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂාකිරීමේ දිගු කාලීන පියවරකි.

 

ස්ලයිකැන් භාරය (SLYCANTrust) මේ වනවිට ශ්‍රි ලංකාවේ උතුරු,නැගෙනහිර සහ දකුණේ විනාශවී ගිය කඩොලාන පද්ධති හදුනාගනිමින් ඒවා නැවත රෝපණය කිරීමේ ව්‍යාපතීන්ක්‍රියාත්මක කරයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණයට සම්බන්ධනවන විවිධ මට්ටමේ බලධාරින් සහ ප්‍රජාවඊට සම්බන්ධ කරගැනීම විශේෂිතය. රට පුරා ක්‍රියාත්මකවන ස්ලයිකැන් භාරයේ මෙම ව්‍යාපෘතියේඅදියර කිහිපයක් මේ වනවිටත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇතිඅතර ඉදිරි සති කිහිපයේදී දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් තවත් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මකවීමට නියමිතය. ඊට අමතරව එම ප්‍රදේශවල සමුද්‍රියප්‍රජාව දැනුවත් කරමින් කඩොලාන ශාක නැවත රෝපණය කිරීමට සීමා නොවී සාමය හා සංහිදියාවගොඩනැගීමේ කාර්යෙහිද ස්ලයිකැන් භාරය (SLYCANTrust) නිරත වීම විශේෂත්වයකි.

 

2018 වර්ෂයේදී  ස්ලයිකැන් භාරය (SLYCAN Trust)සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව නීල හරිත ආරක්ෂකයෝ ව්‍යාපෘතිය ආරම්භ කළේය.ඒ අනුව ප්‍රාදේශිය ලේකම්වරුන්,ගුාම නිලධාරින්, අනෙකුත් රජයේ නියෝජිතයන්,සිසුන් සහ තරුණප්‍රජාව කඩොලාන ශාක රෝපණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කරමින් යාපනය සහ මන්නාරමප්‍රදේශවල පාරසරික වැඩමුළු රැසක් සංවිධානය කළේය. සමුද්‍රසන්න ධීවර හා ගොවි ජනතාවගේපාරම්පරික අත්දැකීම් හා සැබැදි දැනුම, සමුද්‍රිීය පරිසර ආරක්ෂක අධිකාරියේ නිලධාරින්ගේවිශේෂඥ තාක්ෂණික දැනුම සමග එකට එකතුවන සේ වැඩමුළු පැවැත්වීමත්,  රජය, විශ්ව විද්‍යාල සහ තරුණ සහභාගීත්වය හේතුවෙන්ස්ලයිකැන් භාරය (SLYCAN Trust) හා සමෘද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙම ව්‍යාපෘතියමෙරට කඩොලාන පාරසරික පද්ධතිය රැකගැනීමේ අනාගත වැඩපිළිවෙලයි.

 

(පෙබරවාරි 02 වැනිදාට යෙදුනු ලෝක තෙත්බිම් දිනය වෙනුවෙනි)

Related Articles

Tags

About the Author
Ramesh Warallagama

Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.