ශ්‍රී ලංකාවේ කොරල් පර ප්‍රතිසංස්කරණය සදහා මාර්ගෝපදේශ සැකසෙයි.

August 7, 2019

ශ්‍රි ලංකාවේ කොරල් පර ප්‍රතිසංස්කරණය සඳහා මාර්ගෝපදේශ සකස් කෙරෙන නියෝජිත උපදේශන හමුවේ දෙවැන්න නාරාහේන්පිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදී පසුගිය 06 වැනිදා පැවැත්විණි. 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ස්ලයිකැන් භාරය (SLYCAN trust) සමග එක්ව මෙම හමුව සංවිධානය කර තිබිණි.

මෙරට කොරල් පර ප්‍රතිස්තාපනය හා සම්බන්ධ ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම සහ රට තුළ ශක්තිමත් කොරල් ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික වශයෙන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු විය.

“ශ්‍රි ලංකාවේ කොරල්පර ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී විශේෂඥ තාක්ෂණ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මකවීම ඉතා වැදගත්. ප්‍රතිස්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට විශේෂඥ මාර්ගෝපදේශයන් නොමැතිවිට කොරල් පාරසරික පද්ධථීන්ට ඉන් හානිකර බලපෑම් හැකි යැයි” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

මෙම මාර්ගෝපදේශයන් සකස් කෙරෙනුයේ කොරල් ප්‍රතිස්ථාපනය කිරීම සදහා උනන්දුවක් තිබෙන පුද්ගලයන්ට සීමා පැනවීමේ අරමුණකින් නොවන බව තරයේ අවධාරණය කළ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අදාල කටයුතු ක්‍රමානුකූල, විධිමත් සහ තාක්ෂණික කාරනාවලින් සමන්විත කිරීම නව මාර්ගෝපදේශයන් සකස් කිරීමේ වැඩපිළිවෙල ඔස්සේ ක්‍රියාත්මකවන බව සදහන් කළේය.

“කොරල්පර ප්‍රතිස්ථාපනය වෙනුවෙන් සකස්කෙරන මාර්ගෝපදේශයන් පාරසරික ආරක්ෂණය සම්බන්ධයෙන් කටයුතුකරන පාර්ශවයන්ට සීමා පැනවීමක් නොවන ලෙස සකස් කළ යුතුයි. ඒ වගේම සමුද්‍රීය පරිසර පද්ධතියට අහිතකර බලපෑම් ඇති නොවන ආකාරයට කොරල් ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය පැවැතිය යුතු යැයි” හෙතම පෙන්වා දුන්නේය.

කොරල් ප්‍රතිස්ථාපනය සදහා සමුද්‍රිය ප්‍රදේශ හදුනාගැනීම, කොරල් ප්‍රතිස්ථාපන ව්‍යාපෘති සදහා තාක්ෂණික විශේෂඥ දැනම යොදාගැනීමේ අවශ්‍යතාව, ඒවායේ  ඵලදායීතාව අධීක්ෂණය, කොරල් ප්‍රතිස්ථාපනය සදහා ප්‍රජා සහභාගිත්වය,අදාල ව්‍යාපෘතිවලට වෙරළ බඩ ප්‍රජාවටත් හිමිකාරිත්වයක් ලබාදීම සහ කොරල් පර සම්බන්ධව ඔවුන්ට දැනුවත්භාවය ඇතිකිරීම, එමගින් අත්වන වාසිදායක තත්ත්වයන් පැහැදිලි කිරීම සහ කොරල්පර ආශ්‍රිතව ක්‍රියාත්ම මානව ක්‍රියාකාරකම් අඩු කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුකර ගැනිණි.

ප්‍රජාවන්ට මෙම ව්‍යාපෘතිවල අයිතිය පැවැරීම ඔස්සේ කොරල් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේ තිරසර බව රැකෙන බවටද එහිදී නියෝජිත අදහස් පලවිය. වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු කොරල් පර සම්බන්ධයෙන් ක්‍රියාත්මක පුමුඛ ආයතන හා බලධාරින්ගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගෝපදේශයන් සකස් කිරීම විශේෂත්වයකි.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක බළකාය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රධාන පාර්ශව නියෝජිතයන්ගෙන් මෙම හමුව සමන්විත විය.

මේ පිළිබද උනන්දුවක් දක්වන නියෝජිත ආයතන සහ නියෝජිතයන්ට    0117 446 238 අංකයෙන් ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය අමතා තොරතුරු ලබාගත හැකිය. එසේත් නැතිනම් ස්ලැයිකැන් භාරයේ නීතිඥ තිරුණි මාරබේ මහත්මිය දුරකථන ඔස්සේ සම්බන්ධ කරගනිමින් හෝ ඇයගේ විද්‍යුත් ලිපිනය thiruni@slycantrust.org ඔස්සේද තොරතුරු දැනගැනීමේ හැකියාව තිබේ.


Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.