ශ්‍රි ලංකාව වටා ඇති කොරල් රැකගන්න SLYCAN සහ MEPA මෙහෙයුමක්

Ramesh Warallagama

ශ්‍රි ලංකාව වටා ඇති කොරල් රැකගන්න SLYCAN සහ MEPA මෙහෙයුමක්

Created On:
July 23, 2019
Ramesh Warallagama

සමුද්‍රිය පරිසරයට දේශගුණික විපර්යාස ඔස්සේ සිදුවන බලපෑම සුළුපටු නොවේ. අද වනවිට සමුද්‍රිය පරිසරයේ ජීවය බදු කොරල්පර දක්වාම මෙම බලපෑම විහිදී හමාරය. දුපතක් ලෙස හැඩවන ශ්‍රි ලංකාවට කොරල්පර මුතු මාලයකි.

පෙරදිග මුතු ඇටය යැයි පට බැදෙන්නට හේතුවු කරුණු කෙසේවුවද මුතු බහුල සමුද්‍රීය ජීවින් ගැවසෙන කොරල්  පවුරකින් ශ්‍රි ලංකාව ආරක්ෂා වු බව සියල්ලෝම දනිති.

අදවනවිට ඒ කොරල්පර බොහොමයක් ශ්‍රි ලාකාව වටා මුහුදු තීරයේ දකින්නට නැත. ඊට හේතුවී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් සමුද්‍රිය පරිසරයට සිදුවු බලපෑම්ය. මේ තත්ත්වය වටහාගෙන සිටින සමුද්‍රිය පරිසර අධිකාරිය ( MEPA) කොරල්පර රැකගැනීම සදහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරමින් සිටියි.

කොරල්පර ප්‍රතිස්ථාපනයට අවශ්‍ය ජාතික මට්ටමේ මාර්ගෝපදේශයන් නොමැතිවීම පිළිබදව අවධානය යොමුකරමින් මෙම තත්ත්වය  ඌණ පුර්ණය කිරීම සදහා සමුද්‍රිය පරිසර අධිකාරිය සහ ස්ලයිකැන් භාරය එක්ව එවැනි මාර්ගෝපදේශයක් සකස්කිරීම සදහා පියවර ගනිමින් සිටියි.

දේශගුණික විපර්යාස වෙරළබඩ හා සාගර ජෛව විවිධත්වයට තර්ජනයක්ව ඇති බවත්  සාගරය උණුසුම්වීම පමණක් නොව සමුද්‍රීය දුෂණය වැළැක්වීම සම්බන්ධයෙන් පවතින නෛතික හිඩැස්වලට ආමාන්ත්‍රණය කිරීම කාලින අවශ්‍යතාවක් බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

ස්ලයිකැන් භාරය වෙනුවෙන් ස්ලයිකැන් පර්යේෂණ කණ්ඩායමේ නීතිඥ තිරුණි මාරඹේ, දිනෙත් රුද්‍රිගො සහ සජානි රණසිංහ නිලධාර නිලධාරිනියන් මෙම සාකච්ඡාවන්ට එක්වුහ.


Related Articles

Thematic Areas

No items found.

Tags

Ramesh Warallagama

Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.