දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ පළාත් මට්ටමේ අනුහුරුවීමේ සැලැස්මට (PAP) අදාල උතුරු පළාත් දෙවැනි වැඩමුළුව යාපනය යු.එස් හෝටලයේදී පසුගිය 7 වැනිදා පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය(UNDP), තුන්වැනි ජාතික සන්නිවේදනය (TNC) වෙනුවෙන් ස්ලයිකැන් භාරය (SLYCAN Trust) සහ ලෝක පරිසර අරමුදල (GEF) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.