දේශගුණික විපර්යාස සමඟ අරගල කරනා දේශීය ගොවි ප්‍රජාව

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ආහාර නිෂ්පාදන චක්‍රයට සහ කෘෂිකාර්මික සැපයුම් හා වටිනාකම් දාමයට සෘජු හෝ වක්‍රව ලෙස බලපෑමක් ඇති කරන දේශගුණික අවදානම් අවබෝධ කරගැනිමට Sළ්‍ය්Cඇණ් ඨෘස්ට් ආයතනය කටයුතු කරමින් සිටියි. මෙහිදී Sළ්‍ය්Cඇණ් ඨෘස්ට් ආයතනය විසින් මූලික වශයෙන් අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක තෝරාගෙන ඇත. අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ගොවීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව වෙනස්වන දේශගුණය හමුවේ ඔවුන්ගේ අත්දැකීම් සහ අරගලයන් ග්‍රහණය කර ගන්නා වීඩියෝ මාලාවක් අපි සම්පාදනය කර ඇත්තෙමු.

දේශගුණික විපර්යාස හමුවේ ආහාර ප්‍රවේශය සහතික කිරීම 

දේශගුණික විපර්යාස සහ ආහාර අනාරක්ෂිත භාවය සෘජුවම එකිනෙකට සම්බන්ධ වන අංශයන් වේ. දේශගුණික විපර්යාස ආශ්රිත උපද්රව වන ගංවතුර, සුළි කුණාටු, සුනාමි, නියඟ සහ වෙනත් අවදානම් ආහාර සුරක්ෂිතතාවය දුර්වල කළ හැකි උපද්රව වන අතර කෘෂිකාර්මික කටයුතුවලට මෙමඟින් දැඩි ලෙස බලපෑම් ඇති කරයි. එහි ප්රතිඵලය ලෙස මෙය වෙළඳපොළ ප්රවේශය, වෙළඳාම, ආහාර සැපයුම, ආහාර මිල ඉහළ යාම, ගොවි ආදායම අඩුවීම සහ සේවා නියුක්තිය යන විවිධ විශයන් කෙරෙහි දැඩි බලපෑම් ඇති කරයි. මෙම දේශගුණික විපර්යාස මගින් දරිද්රතාවයට ද මඟ සැලසෙන අතර එමඟින් ආහාර අනාරක්ෂිතතාවය සහ මන්දපෝෂණය ඉහළ යාමද සිදුවේ. සංසන්දනාත්මක කාල පරිච්ජේදයන් තුළ මානව ක්රියාකාරිත්වයට ඍජුව හෝ වක්රව ආරෝපණය කෙරෙන ගෝලීය සංයුතීන් හි වෙනස් වීම හා විචල්යතාවයන් එක්සත් ජාතීන්ගේ සම්මුතිය මගින් දේශගිණික විපර්යාස ලෙස නිර්වචනය කර ඇත.