සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ SLYCAN  Trust  ආයතනය එක්ව පැවැත්වූ සමුද්‍රීය පරිසරය සඳහා වූ සයවන ජාතික පර්යේෂණ  සම්මන්ත්‍රණය

සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින්, SLYCAN Trust ආයතනය සමඟ එක්ව සමුද්රීය පරිසරය සඳහා වූ සයවන ජාතික පර්යේෂණ සම්මන්ත්රණය 2021 අප්‍රේල් 22, 23 යන දිනයන් හී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. "දේශගුණික ක්‍රියාකාරකම් කෙරෙහි නීල ආර්ථිකය වැඩිදියුණු කිරිම සඳහා සාගර පාදක විසඳුම් සහ ප්‍රතිපත්ති රාමු" යන තේමාව යටතේ පැවති මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ පරමාර්ථ බවට පත් වුයේ දේශගුණික විපර්යාස, සමුද්‍ර ශාක හා සත්ත්ව විශේෂ, සංවේදී වෙරළබඩ හා සාගර පරිසර පද්ධති, නාවික හා සමුද්‍ර දූෂණය, ධීවර කටයුතු සහ නීල ආර්ථිකය සඳහා අදාළ ප්‍රතිපත්ති සහ ඒ ආශ්‍රිත නීති සම්පාදනය පිළිබඳ සංකීර්ණ කරුණු සාකච්ඡා කිරීම සඳහා දිවයින පුරා විසිරී සිටින ප්‍රවීණයන් පිරිස එකම වේදිකාවක් මතට ගෙන ඒමයි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා SLYCAN Trust දායකත්වය

කඩොලාන යනු කෙත‍රම් සුවිශේෂි ශාක ප්‍රජාවක් ද, කෙතරම් ජෛව විවිධත්වයෙන් අනූන ශාක ප්‍රජාවක් ද වැනි කරුණු පිළිබඳ ව මිට ඉහත අපගේ වර්තා වලින් මනාව පෙන්වා දි ඇත. කඩොලාන පරිසර පද්ධතියේ ඇති මෙම වැදගත්කම නිසාවෙන්ම SLYCAN Trust ආයතනය මගින් ව්‍යාපෘතින් කිහිපයක්ම කඩොලාන ප්‍රතිස්ථාපනය සහ සංරක්ෂණය කෙරෙහි ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන යයි. කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනයට සහ සංරක්ෂණයට ගන්නා උත්සහ‍යේ එක් වැයමක් ලෙස SLYCAN Trust ආයතනය පුත්තලම දිස්ත්‍රික්කයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාස වලට අනුහුරු වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මුලික පියවරයන් කිහිපයකින් සමන්විත වන අතර එම මුලික පියවරයන් පහත දැක්වේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ SLYCAN Trust ආයතනය එක්ව පැවැත්වූ සය වන ජාතික සමුද්‍රීය පරිසර සම්මන්ත්‍රණය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින්, SLYCAN Trust ආයතනය සමඟ එක්ව සය වන ජාතික සමුද්‍රීය පරිසර සම්මන්ත්‍රණය 2021 අප්‍රේල් 22, 23 යන දිනයන් හී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. මෙම සම්මන්ත්‍රණයේ මුලිකම පරමාර්ථ බවට පත් වුයේ සංවේදී වෙරළබඩ හා සාගර පරිසර පද්ධති, සමුද්‍ර ශාක හා සත්ත්ව විශේෂ, නාවික හා සමුද්‍ර දූෂණය සහ ධීවර කටයුතු සඳහා අදාළ ප්‍රතිපත්ති සහ ඒ ආශ්‍රිත නීති සම්පාදනය පිළිබඳ සංකීර්ණ කරුණු සාකච්ඡා කිරීම සඳහා දිවයින පුරා විසිරී සිටින විශේෂඥ පිරිස එකම වේදිකාවක් මතට ගෙන ඒමයි.